ශ්‍රී ලංකාවට එරෙහිව දකුණුඅප්‍රිකාණුවන් අද රෝස පැහැයෙන්..

0
69

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන තුන්වන එක්දින තරගයේදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම ක්‍රීඩා කරන්නේ තමන්ගේ සාමාන්‍ය කොල පැහැති ජර්සියෙන් නොවේ. අද ඔවුන් තරගබිමට පිවිසෙන්නේ රෝස පැහැති ජර්සියත් සමගිනි.

මෙලෙස ඔවුන්ගේ ජර්සියේ පැහැය වෙනස් වීමට හේතුවී ඇත්තේ අද තරගය ඔවුන් පිළිකා පිලිබද ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණින් ක්‍රීඩා කිරීමයි. ක්‍රීඩාංගනයද රෝස පැහැයෙන් අලංකාර වනු ඇති අතර තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ටද හැකැනම් රෝස පැහැයෙන් පැමිණෙන ලෙසත් දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. අද තරගයෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ඔවුන් පිලිකා රොගීන් වෙනුවෙන් හා ඒ පිලිබදව වන ජනතාවගේ දැනුවත්භාවය වැඩිකිරීම සදහා යොදවීමට කටයුතු කර ඇති අතර එයට ක්‍රීඩකයන්ගේ සියළුම ගෙවීම්ද ඇතුලත් වීමද විශේෂත්වයකි.

sa-pink-csa-630