නාත්තන්ඩියේ පිරිසක් තෙල්ගමු ඔයේ දිය පහරකට හසුවෙති ! සිරුරු 5 ක් ගොඩගනී !

0
115

image_c3114d4531මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයන් 08 දෙනෙකු හදිසියේ  පැමිණි විශාල දිය පහරකට ගසාගෙන  ගොස් ඇති අතර මොවුන්ගෙන් 05 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ කාන්තාවන් තිදෙනෙකු ගේ සහ පිරිමි දෙදෙනෙකුගේ බව පොලිසිය සදහන් කරයි .
මෙසේ දිය නෑමට ගොස් ඇත්තේ නාත්තන්ඩියේ පදිංචි පවුල් කීපයක සාමාජිකයන් පිරිසකි.
වාර්තා වන අන්දමට කිංග්ස් ජෝයි අයිස්ක්‍රීම් ආයතනයේ වත්මන් හිමිකරු එම ප්‍රදේශයේ හෝටලකයක් ඉදිකිරමින් සිටින නිසා ඒ සම්බන්ධ කාරණාවලට මෙම ප්‍රදේශයට ගොස් සිටියදී ..ඔයේ දිය නෑමට ගොස්  ඇත.  මියගිය පුද්ගලයන් අතර කිංග්ස් ජෝයි ආයතනයේ වත්මන් හිමිකරුද වන බව ප්‍රදේශවාසින්ගෙන් වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here