spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාත්තණ්ඩියේ 8 දෙනෙකුට දිවිඅහිමි කළ තෙල්ගමු ඔයේ ඛේදවාචකය .

Must read

DSC03319මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි පවුල් දෙකක පුද්ගලයන් අට දෙනෙකු හදිසි දිය පහරකට හසුව තිබුණි.මේ අයගෙන් 5 දෙනෙකුගේ සිරුරු ඊයේ සවස් යාමය වන විට ප්‍රදේශවාසින්ගේද පොලිසියේ සහ ජිවිතාරක්ෂක කණ්ඩායම්ද ආධාරයෙන් සොයාගෙන තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ සංචාරක හෝටල් හිමිකරුවෙකු වූ කිංස්ලි රත්නායක (40) ඔහුගේ දියණියන් වන රත්නායක මුදියන්සේලාගේ චිත්‍රානි රත්නායක(12) රත්නායක මුදියන්සේලාගේ හිරුනි දිල්හාරා රත්නායක (4 ) නැන්දනිය වන මානාවිටගේ චන්ද්‍රකාන්ති (59 )වන අතර අනෙත් පවුලේ උදුවරගේ රවින්ද්‍ර වසන්ත (38) ඔහුගේ බිරිද ජයමහා ආරච්චිගේ රමණී දිල්රුක්ෂි (37) ඔහුගේ දියණියන් වන උදුවරගේ ක්‍රිෂාන් වනිෂා (12) උදුවරගේ ඉමාෂා විදුෂා( 07) යන අය වෙති .

මියගිය කිංස්ලි රත්නායක මහතා ලග්ගල ඇටන්වල ප්‍රදේශයේ සංචාරකහෝටලයක් ඉදිකරමින් සිටින නිසා නා ත්තන්ඩිය ප්‍රදේශයේ තවත් මිතුරු පවුලක කණ්ඩායමක් සමඟ පසුගිය තුන් වෙනි දින උදෑසන ලග්ගල ඇටන්වල ප්‍රදේශයට පැමිණ තිබේ.
පසුව පවුල් දෙකේම පිරිස දිය නෑම සඳහා වැද්දා පැනි ඇල්ල ස්ථානයට ගිය බව මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය පැවසුවාය.DSC03302

තම ස්වාමි පුරුෂයා දරුවන් දෙදෙනාත් ,මවත් අසල්වැසි මිතුරන්ගේ දරුවන් සහ එම දෙපළ දිය නාමින් සිටි බවත් තමා පියා ඉන්න ඉසව්වට යන අවස්ථාවේ දණහිස් පමණ වතුර තිබුණු බවත් එකවරම විශාල ජල කඳක් රල පහරක් සේ ගසා ගෙන පැමිණි බවත් ඇය පැවසුවාය.

මෙම කණ්ඩායම දිය පහරට හසුව ගසා ගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන්ද වහා පැමිණි ඇති අතර පසුව ලග්ගල පොලිසිය මෙන්ම පොලීස් ජීවිතාරක්ෂක නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබුණි.DSC03346

එදින සවස් යාමය වනවිට මියගිය පස් දෙනෙකුගේ මළ සිරුරු ප්‍රදේශවාසීන්ද සහ පොලිසිය එක්ව ගොඩ ගනු ලැබූ අතර කුඩා දරුවන් තිදෙනෙකුගේ මල සිරුරු සොයා දිගින් දිගටම මෙහෙයුම්  ක්‍රියාත්මක කරනු ලැබූහ. එම අයගේ සිරුරු සෙවීම සඳහා ොලිස් ජීවිතාරක්ෂක සංගමය ප්‍රදේශවාසීන්ගේ මෙන්ම යුද හමුදාවේ සහයද ලබා ගත් බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති එම් .කේ .අමරසිංහ මහතා සඳහන් ළේය.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ස්ථානයේ වර්ෂාවත් සමඟ හල ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවත් සමඟ නිරන්තරයෙන් ජලය විශාල වශයෙන් වැඩි වන බව . ප්‍රදේශවාසීන් බව හොඳින් දන්නා බවත් සංචාරය සඳහා පැමිණෙන බොහෝ දෙනකු බව නොදන්නා බවත් ඔවුන් සඳහන් කර සිටියහ.

දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් කනහැරආරච්චි මහතා මේ ස්ථානයේ දී කියා සිටියේ නිරන්තරයෙන් සංචාරකයන් විශාල වශයෙන් වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයට පැමිණ නමුත් මෙහි අවදානම් තත්ත්වය පිළිබඳව දැන් වෙන දැන්වීම් පුවරුවක් හෝ සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් නොමැති නිසා මෙම අනතුරු සිදු වන බව .

සිද්ධිය ඇසින් දුටු කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවාය.

මේ ප්‍රදේශයේ අපේ මහත්තයා හෝටලයක් ඉදි කරමින් ඉන්නවා, මීට දින කීපයකට පෙර එයා ඇවිල්ලා වැඩ බලලා ගියේ . අපේ මහත්තයගේ යාලුවෙක් උපන්දින තිබුණා. එයාලා කිව්වා හෝටලේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලා. එයාලා පදිංචි වෙලා ඉන්නේ පාරෙමයි.අපි තුන්වැනිදා තමයි මෙහෙට ආවෙ,”

අපි නාන්න එනකොට දනිස් වටක්වත් වතුර තිබුණේ නෑ. මගේ චූටි දරුවා වතුරේ හිටියා. අනිත් අය ඊට එහායින් හිටියේ . එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහ කළා . තවත් කට්ටියක් එතන නාමින් හිටියා . මම එතන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා තාත්තගේ සෙරෙප්පු දෙක දෙන්න .මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ. තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා“.

මම එතෙන්ට ඉක්මනට ගියා වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එකට එක එක්කෙනා අල්ලගෙන රොදට වගේ හිටියා. මම හයියෙන් කෑගැහුවා. හිමිට ගොඩට එන්න ගොඩට එන්න කියලා. ඒත් එන්න එන්නම වතුර පාර සැර වුණා. ඉස්සරලාම එයාලා අල්ලං හිටපු රෝදේ කැඩුනා. එක එක්කෙනා එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තා. මගේ මහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැළක එල්ලිලා ගොඩක් වෙලා හිටියා. ගොඩ එන්න උත්සාහ කරමින්. එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා යකඩ කූර අල්ලන්ට හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.

මගේ මහත්තයයි මගේ දරුවො දෙන්නයි මගේ අම්මයි ගසාගෙන ගියා අපිත් එක්ක ආපු අනිත් පවුලේ අයියයි එයාගෙ නෝනයි එයාලගේ දුවලා දෙන්නයි ගසාගෙන ගියා.”

දිණමිණ

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article