spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාහන 5 ක හප්පා 7 දෙනෙකුට තුවාල සිදුකරන ලද රියදුරු කතක් පොලිස් අත්අඩංගුවට!

Must read

RAJADAHANA ACCIDENET (11)කාන්තාවක විසින් පදවාගෙන ආ මෝටර් රියක් පෙරේදා 4 මීරිගම විජය රජදහන ප්‍රදේශයේ මීටර් 200 ක පමණ දුර ප්‍රමාණයක් ඇතුලත ස්ථාන තුනකදී තවත් වාහන පහක ගැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර බරපතල තුවාල ලත් තිදරු පියෙකු වන ත්‍රිරෝද රියදුරකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි මීරිගම පොලිස් රථවාහන අංශය කියයි.RAJADAHANA ACCIDENET (8)
කාන්තාව පදවාගෙන ආ මෝටර් රිය සහ පස්යාල මීරිගම පාරේ නවතා තිබූ ත්‍රිරෝද රියක් පොඩිපට්ටම්වී තිබිනි. මෙම තුවාලකරුවන් අතර කුඩා ළමුන් තිදෙනෙක්, පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, හා කාන්තාවන් දෙදෙනෙක් සිටිති. මෝටර් රථය පැදවූ කාන්තාව හා ඇගේ දරුවාිද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි. තුවාල ලත් සියළු දෙනාම මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි තිදරු පියා වතුපිටිවල මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට යවා ඇත.RAJADAHANA ACCIDENET (12)
විජය රජදහන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ සිට කාන්තාව මෝටර් රියෙන් පැමිනෙද්දී එම රිය පාරේ ගමන් කළ මෝටර් රියක හා යතුරු පැදි දෙකක ගැටී ඇත. එම අනතුරින් පසු විජය රජදහන දුම්රිය හරස් පාර පසුකර මෝටර් රිය වේගයෙන් පස්යාල මීරිගම මාර්ගය දෙසට එද්දී දුම්රියපල දෙසට ගමන් කරමින් සිටි කාන්තාවක් මෝටර් රියේ නොහැපී දිවි බේරා ගෙන ඇත්තේ අඩි දහයක් පමණ ගැඹුර ඇති වෙල්යායට පැනීමෙනි.
කාන්තාව පැදවූ මෝටර් රිය ඉන් අනතුරුව පස්යාල මීරිගම ප‍්‍රධාන මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකක ද ගැටී පොහොන්නරුව පන්සල පාරේ ටික දුරක් ගමන් කර අඹ ගසක වැදී නතරව ඇතැයි පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සදහන් කරයි.
නවතා තිබූ එක් ත්‍රිරෝද රියක කිසිවෙකු සිට නැති අතර අනෙකේ වාඩිවී සිටි රියදුරා හා ඒ අසල සිටි ළමයකුද මෙහිදිී තුවාල ලබා ඇත. එක් ත්‍රිරෝද රියක ඉදිරිපස සම්පූර්ණයෙන්ම පොඩි පට්ට්ම් වී තිබිනි. කාන්තාව පැදවූ මෝටර් රියටද බරපතල හානි සිදුවී ඇත.
මෝටර් රිය දුම්රිය හරස් පාර පසු කරන අවස්ථාවේදී දුම්රියක පැමිනියා නම් හෝ පස්යාල මීරිගම පාරේ වාහනයක් ධාවනය වූවානම් මේ තත්ත්වය වඩාත් බරපතල විය හැකි බව පොලිසිය කියයි. පලමු අනතුරින් පසු කලබලයට පත් කාන්තාව තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය පාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මීරිගම පොලීසියේ රථවාහන අංහයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි වීරවර්ධන මහතා ඇතුලූ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පුෂ්පකුමාර – දිණමිණ

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article