spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තක්කාලි යුෂ ප්‍රතිකාරයෙන් සම ආරක්ෂා කිරීම

Must read

අතිතයේ සිට කාන්තාවන් සුන්දරත්වය රැකීමට ස්වාභාවික ක්‍රම අනුගමනය කළා. නමුත් වර්ථමානය වන විට සමාඡය තුල ස්ත්‍රියකට සුන්දර විම සදහා ඇති වුවමනාව වෙළදාමක් බවට පත් වි තිඛෙනවා. ඒ වාගේම ලස්සන වෙන්න වෙළදපොළ හදුන්වා දෙන ඔිනෑම දෙයක් මිල දි ගෙන භාවිතා කිරිමට වර්ථමාන කාන්තාව පුරුදු වෙලා තිඛෙනවා. එහෙත් එයින් ඇතිවෙන අතුරු ප්‍රතිඵල ගැන සැලකිලිමත් නොවී රැල්ලට මෙන් සමට අහිත කර විවිධ ආලේපන වර්ග භාවිතය මගින් සමට හානි කරගන්නා අවස්ථා බහුලයි. එමෙන්ම අධික වියදම් දරා ලස්සන වෙන්න සමට හානි වෙන දෑ අඩංගු ආලේපන වර්ග භාවිතා කරන්නට වර්තමාන කාන්තාවන් පෙළෙඹෙනවා.
මෙම විශේෂාංගය තුළින් දෙන ස්වාභාවික ක්‍රමවේද මගින් වැඩි වියදමක් නැතුව නිවසේදිම පහසුවෙන් කරගත හැකි සමට හානියක් නැති ලස්සන විමේ පැරණි ක්‍රම සහ නවින ක්‍රම ඉදිරියෙදි  අප සාකාච්ඡා කරන්නෙමු.     uma444
විජයකුමාර් උමා සංකරී   රුපලාවන්‍යවේදිනිියක් ලෙස රෑපලාවන්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තියමය වශයෙන් වසර හතරකට අාසන්න කාලයක් පුරා රූපලාවන්‍ය  වෘත්තියේ   නියැලී  සිටි. මනමාළියන් හැඩගැන්විම, කොණ්ඩා මොස්තර දැමිම, මෙන්ම රුපලාවන්‍ය කටයුතු පිළිබද හැදෑරීම්  කර තිඛේ  ඇය විසින් හන්දුන්වා දෙන ස්වාභාවිකව ලස්සන විමේ ක්‍රමවේදයක් පිළිබද  පහත දැක්වේ.
තක්කාලි යුෂ ප්‍රතිකාරය 

 තක්කාලි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් පාරජම්බූල කිරණ වලින් අපගේ සම ආරක්ෂා කිරීම සිදුවෙනවා. එලෙසම එහි අඩංගු සැලිසිලික් අම්ලය කුරුලෑ අඩුකරන්නත් හේතු වෙනවා.3.-Tomato-Juice4
මේරූ තක්කාලි එහි පොතුත් සමග සාදාගත් ආලේපය ඔබගේ මුහුණේ ආලේප කර මිනිත්තු30 – 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දින දෙක තුනකට වරක් කිරීමෙන් ඔබගේ සමේ තෙල් සහිත ස්වභාවය ඉවත් කරගැනීමේ හැකියාව පවතිනවා.

  • තක්කාලි යුෂ හා පිපිඤ්ඤා යුෂ සමාන ප්‍රමාණ වලින් ගෙන මුහුණේආලේප කොට වියලුන පසු සෝදා ඉවත්කරන්න. මේය දිගින් දිගටම කිරීමෙන් ඔබේ සමේ ෙතල් ගතිය අඩු ෙව්
  • තක්කාලි යුෂ තේ හැන්දක් ලෙමන් බින්දු කිහිපයක් සමග මිශ්‍ර කර මුහුණේආලේප කොට මිනිත්තු 15කට පසු සීතල වතුරෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිගින් දිගටම කිරීමෙන් මුහුණේ ඇති කැලල් මැකී යාම සිදුවේ.
  • තක්කාලි ගෙඩි දෙකක්,යෝගට්  කෝප්ප භාගයක් සමග හොදින් මිශ්‍ර කර ඔබගේ මුහුණේ, අත්වල හා පාදයන්ගේ ආලේප කරන්න. මිනිත්තු15කින් පමණ සෝදා හරින්න. මෙය දිගින් දිගටම කිරීමෙන් හිරු එළියෙන් පිලිස්සීම නිසා ඇතිවූ කැලල් මැකීයාම සිදුවේ.
  • තක්කාලි යුෂ තේ හැදි3ක්, ලෙමන් යුෂ තේ හැදි 1ක්, හා කිරි තේ හැදි 2ක් මිශ්‍ර කර මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. එයින් ඔබගේ සම දීප්තිමත් වේ.
  • තක්කාලි යුෂ තේ හැදි දෙකක්, 1 teaspoon oatmeal,මුදවපු කිරි තේ හැදි එකක් කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 20කින් පමණ සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය සතියකට වරක් සිදුකිරීමෙන් මුහුණ බැබලීම සිදුවේ.

තක්කාලි යුෂ මේස හැදි එකක්  හා මී පැණි තේ හැදි එකක් මිශ්‍ර කර  මුහුණේ ආලේප කිරීමෙන් අනතුරුව විනාඩි 10කින් පමණ සෝදා හරින්න.


Vijayakumar uma shankari umanewsmall
*Anusha’s finishing academy diploma beauty culture
*chalm way diploma in hair dressing
*dress well beauty parlor diploma in beauty culture


339/74 st jude garden; 60th feet road ,kattuwa, Negombo.
‎                            Mobile :0765426405

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article