කොහේ සිටියත් වැඩක් වේවද බුදුන් නැතිකළ හිත දරන්..

0
127

23621177_1944349759165735_1626366112243412828_n

බුදුන් බැතියෙන්
රූප හදලා
මලින් පුදනා
බොදුනුවන්

තොරන් බැඳලා
වෙසක් පහනුත්
ඇතුලෙ වැඩ සිටි
බුදුවරුන්

පොතේ පිටකොළ
කවරවලටත්
කාඩ් අලවයි
බුදුරුවින්

මුකුත් මොකටද
මගේ සම ඇත
අඳිමි බුදුරුව
සැදැහැයෙන්

බොදුනු මිනිසුන්
මගේ පච්චෙට
ගසයි ගල් මුල්
අඳ ඇසින්

කොහේ සිටියත්
වැඩක් වේවද
බුදුන් නැතිකළ
හිත දරන්

මගේ සම මත
ඇන්ද රූපේ
වරද කොතනද
පවසපන්

 

 

උපුටාගැනීම- තරුෂි මහඋල්පතගම ෆේස්බුක් පිටුවෙනි. (https://www.facebook.com/tharushi.n.liyanachchi)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here