මීගමුව ව්‍යාපාරික ප්‍රජාවට දුන් පොරොන්දු නගරාධිපති කඩකරයි ! නගරය පුරා හොර කඩ හැදෙයි !

0
50

street block 1(12.05 am )පසුගිය කාලය තුල නත්තල් සමයේදි වෙනත් පළාත්වලින් පැමිණෙන පදික වෙළදුන් නිසා වසරක් පුරාවට විශාල වියදමක් දරමින් නගරයේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන අයට අසධාරණයක් වන බැවින් මෙවර පදික වෙළදාමට අවසර ලබානොදෙන ලෙසට මිගමුවේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉල්ලා තිබුණි.පදික වේදිකාව බදුදිමෙන් ලබන අදායම ව්‍යාපාරික ප්‍රජාව විසින් නගර සභාවට මේ වන විටත් ගෙවා ඇතැයි සැලය.
තතු එසේව තිබියදි නගරාධිපතිගේ ගෝලබාලයන් විසින් හිතුවක්කාරි ලෙසින් නගරයේ විවිධ තැන් වල මේ වන විට කඩ 25 ක් පමණ අටවා විවිධ ගණන්වලට පදික වෙළදුන්ට බදු දි ඇතැයි වාර්ථාවේ .
මේ නිසාම ව්‍යපාරිකයන් මුදල්ද ගෙන පදික වෙළදාමට හොරෙන් ඉඩ දිම ගැන ව්‍යාපාරික ප්‍රජාව සිය අප්‍රසාදය දැනමටත් පළ කොට තිබේ.
මේසේ හොර කඩ හැදිමට මුල්ව සිටින පිරිස අතර බණ්ඩාර නැමැත්තෙකු පෙරමුණ ගෙන ඇතැයිද කියැවේ.