මිගමුවේ එජාප ශක්තිය විනාශ කිරිමේ ලංසා කාවින්ද කුමන්ත්‍රණය !

0
28

Dr. Kavindaරාජපක්ෂලාගේ  සහ ලංසලාගේ පාලනය රජකරමින් හපකර දැමු මීගමුවට කෝටි ගණනින් සල්ලි බෙදුවද එය යළිත් වැල්ලවිදියේ පාලනයට  හීනෙකින්වත් නතු කරගන්නට නොහැකි වන අයුරින් වාර්තා ගත ජයක් වැඩිඡන්ද 30000 කටත් වඩා වැඩියෙන් ලබමින් සනිටුහන් කරන්නට දැන් හැකිව විය.
පසුගිය පළාත් පාලනය මැතිවරණයේදි ඡන්ද කොට්ටාශ 29 න් 19ක්ම ජයගන්නටද එජායට හැකිවිය
ඒ එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වය යටතේය.
මේ ශක්තිමත් පදනමට එරෙහි ප්‍රධාන කණ්ඩායම්  2 කක් දැන් මීගමුව තුල ක්‍රියාත්මකය.
ඉන් එකක් වන්නේ ලංසා පවුලය.
අනික් එක වන්නේ  කාවින්ද ජයවර්ධන  ඇතුළු 5 දෙනාගේ කල්ලියයි.
මේ කල්ලිය යනු මිනිමරුම් චෝදනාද සහිත  පුද්ගලයන්ගෙන් සැදුම්ලත් අවලං සන්ධානයකි.
මේ දෙපිරිසටම දැන් ඇත්තේ එක් අරමුණකි.
එනම් මීගමුව තුල යළිත් ශක්තිමත් ලෙසින් එජාප ස්ථාවර විම වලකා දුර්වල කර දැමිමය.
ලංසා පවුලේ මේ අරමුණ තේරුම්ගත හැකිය.
මන්දයත් ඒ අයට කිසිදිනක දේශපාලනය වැදගත්වුයේ නැති නිසාය.
ඒ අයට ඇවැසි වන්නේ සිය කලු සල්ලි ජාවාරම දිගටම ගෙනය යාමට හැකි වතාවරණයක් ගොඩනගාගැනිමටය.
එහෙත් එජාපයේම ගම්පහ දිස්ත්‍රික් සංවිධායකයෙකු යැයි කියන අයෙකු තම පක්ෂය මීගමුව තුල ශක්තිමත් වනු දැකිමට අකමැති නම් එය තේරුම් කරගැනිමට දේශපාලන විද්‍යාවක් අපට නැත.
එයට අප දන්නා භාෂාවෙන් කියන්නට ඇත්තේ එකම එක වචනයකි.
එනම් දේශපාලන කුහකකමය.
මේ දේශපාලන කුහකකම රුපියල් කෝටි ගණනින් අයෝජනය කොට තවත් ශක්තිමත් කිරිමට දැන් ලංසාව පවුලටද ඇත්තේ නොනිත් ආශාවකි.
තමන් පවුලේ හවුල් පාලනයෙන් ගිලිහි යන්නට නියමිත මීගමුවේ බලය තම පවුලට ලබාගැනිම වෙනුවෙන් ලංසාලා හැකි සියළු ම දේ කරණු ඇත.
.දේශපාලන කුහකත්වයේ ගිලි අසුචි නාගනිමින් සිටින ඇතැමුන්ට එය නොපෙනුනද මීගමුවේ බහුතරයක් ප්‍රගතිශිලි ජනයා මේ ගැන දැන් වඩාත් හොදින් දනි.
ඒ අය විසින් මේ කුහකත්ව දේශපාලන ව්‍යාපෘතිය ලත්තැන ලොප් කිරිමට ඉදිරියේදි කටයුතු කරනු ඇත්තේ වැල්ලවිදියේ පාලනය ට නතුව විනාශ වි ගිය මීගමුව අලුතින් ගොඩනැගිමට ඇති අවංක උවමනාව නිසාමය.