පිටිපන ලෙල්ලමේ සෙනඟ අඩුයි ! මාළු වැඩියි ! හුරුල්ලන් මිළ පහලට !

0
370

හුරුල්ලාපසුගිය කාලය තුල පැවැති මාළු සැපයුමෙ අඩුපාඩු මේ වන විට තුතිවි යමින් පවතින්නේ විවිධ ප්‍රදේශවලින් මාළු තොග ලැබෙන්නට පටන් ගෙන ඇති නිසාය.
එහෙත් මේ දිනවල පිටිපන ලෙල්ලමේ එන යන ජනයාගේ අඩුවක් දක්නට ලැබේ.
එමෙන්ම මාළු අලෙවිකරුවන්ගේ ගණනද අඩුවෙමින් පවති.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ වන විටත මිගමුවේ සහ අවට ධිවර ගම්මානවල අතිබහුතරයක් ජනයා තලවිල මංගල්‍යය සදහා පිටත්ව ගොස් තිබිමය.
මේ අතර පසුගිය කාලයේ කිලෝවක් රු 400 ක් තරම් වු හුරුල්ලන් මිළ දැන් පහල බැස තිබේ. මේ දිනවල හුරුල්ලා කිලෝවක මිළ රු 250 ක් වේ.
කුම්බලා, මාළු මීමැටි,ඇටවල්ලන්,බලයන්, ලින්නා ,සහ ඉස්සෝ බහුලව දකින්නට ලැබුණි.
මේ අතර මේ මුහුදේ රැකියාවට යන ධිවරය ජනයා හටද හුරුල්ලන් බහුලව හසුවි ඇතැයි වාර්ථා වේ.