spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සහ කටානේ ඩෙංගු හිසඔසවයි !

Must read

damayanthi miss
මිගමුව රෝහලට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහලයමින් පවතිනබව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මිගමුව රෝහලේ ඩෙංගුඋණ සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකයේ සියලු ඇදන් මේවන විට රෝගීන්ගෙන් පිරි ඇති අතර කායික සහ ළමා වාට්ටුවලද ඩෙංගු උණ වැළදුණු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි.
කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් අක්කරපනහ ග්‍රාමනිලධාරී වසමට අයත් සමුර්ධිගම සහ කදසුරිදුගම ඩෙංගු වසංගත තත්වයකට පැමිණ ඇති අතර වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් ගණන අනුපහක් බව වාර්තාවී ඇත.
කුඩා බිම්කොටස්වල විශාල පවුල් ප්‍රමාණයක් ජිවත්වන මෙම ගම්මාන වල නිවෙස් වලින් බැහැරකරන කසල ප්‍රාදේශීය සභාව විසින් විදිමත් ක්‍රමවේදයකට අනුව එකතු නොකිරීම නිසා වැසිසමයත් සමග මදුරු ගණත්වය වැඩිවීමෙන් මෙම තත්වය උද්ගතව ඇතිි බව ප්‍රදේශවාසින් පවසයි
කටුනායක රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනි චාන්දනී දමයන්ති පෙරේරා මහත්මිය ඩෙංගු රක්තපාත උණ රෝගයට ගොදුරුවීමෙන් මියගොස් ඇත
52 හැවිරිදි දෙදරුමවක් වන චාන්දනී පෙරේරා මහත්මිය උණරෝගය වැලදීමනිසා 24 දිනසිට මීගමුවේ පිහිටි පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා 29 දින මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
චාන්දනී මහත්මියගේ දියණියක්ද මේවනවිට ඩෙංගු උණරෝගය වැලදීමනිසා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ නිවස පිහිටි මිගමුව සමුර්ධිගම සහ කදසුරිදුගම අද වන විට 80 වකට ආසන්න ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත
නන්දන පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article