spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රථගාය වැළදුන කොමසාරිස්, බදුගෙවන ජනයාගේ රු. ලක්ෂ 9 ක් නාස්තිකරයි ?

Must read

 

NGB commisionar 1නාගරික  කොමසාරිස්  වරයෙකු   පත්කෙරෙන්නේ  පළමු  පන්තියේ  සුදුසුකම්  අනුව  වන නමුත් මීගමුව  නගරසභාවේ   වර්තමාන  කොමසාරිස් වරිය  තුන්වන  පන්තියේ  වන  අතර  ඇය  වැඩබලන  කොමසාරිස්  ධූරය  දරයි.
මීගමුව  නගරසභාවේ  කොමසාරිස්  නිලය  සඳහා  පත්වන  අයගේ  ඉතිහාසය  පරීක්ෂාකර  බැලීමේදී  ඔවුන්  අමුතුම  වර්ගයේ  සත්ව  කොට්ඨාශයක්  ලෙස  පෙනේ .  එයට  හේතුවන්නේ  ඔවුන්ගේ  ක්‍රියාකලාපය  මතය.  කොමසාරිස්  නිලය  සඳහා  අවශ්‍ය  පහසුකම්  සලසා  තිබියදීත්,  වෙනත්  පහසුකම්  සොයා යාම  මේවනවිට  පුරුද්දක්  බවට  පත්ව  තිබේ.
කොමසාරිස්  නිලය  සඳහා  මහනගර සභාවෙන් එදා පටන්ම වෙන්වු   නිල රථයක් තිබේ.
සෑම  කොමසාරිස්   වරයෙකු  හෝ  වරියක්  සඳහාම  අදාල  ගමන් බිමන්  යාමට    අදාල  නිල  රථයක්  නගරසභාවෙන්  වෙන්කර  ඇත.
එසේ නිළ රථයක් තිබියදිම වැඩබලන වත්මන් කොමසාරිස්වරිය ඇගේ වාහනයක් සදහා මසකට  රු.  75000/ ක  මුදලක්  නගරසභාවෙන්  ලබාගැනිමට කටයුතු කරමින් සිටි.
ඒ අනුව වසරකට වැය වන මුදල රු ලක්ෂ 9 කි.
මෙහිදි මතුවෙන් ගැටළුව වන්නේ කොමසාරිස් වෙනුවෙන් නිළ රථයක් තිබියදි වසරකට මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 9 ක් නිරපරාධෙ වැයකරන්නේ ඇයිද යන්නයි.
එපමණක් නොව මෙසේ සිය රථය යොදවා මසකට රුපියල් 75000 මුදලක් ලබාගන්නා ගමන්ම මහනගර සභාවේ ඇති නිළ රථයද විවිධ ගමන් සදහා භාවිතා කිරිමටද කොමසාරිස්වරිය කටයුතු කරන බවටද දැනටමත් චෝදනා එල්ලවි තිබේ.
මෙවැනි   මුදලක්  ලබාගැනීමේදී  සාමාන්‍ය  ක්‍රමවේදය  අනුව  මුදල්  කාරකසභාවේ  අනුමැතිය  ලබාගතයුතු  වුවත්,  එසේ  නොකරමින්,  නගරාධිපති  වරයාගේ  අත්සන  ලබාගනිමින්  මෙකී  මගඩිය  දිගෙන්  දිගටම  කරගෙන  යයි. හදිසි  අවශ්‍යතාවයක්  නම්  නගරාධිපති වරයාට  එවැනි  අනුමැතියක්  ලබාදීමේ  ගැටළුවක්  නැත. නමුත්  මෙය  හදිසි  කටයුත්තක්  නොවේ.  මෙය  මීගමුව  නගරසභාවේ  බදුමුදල්  ගෙවන   ජනතාවට  සිදුකරන  අසාධාරණයක්   වන  අතර  වසරකදී  ලක්ෂ  9ක්  වන  මෙම මුදල  පිළිබඳව  සිදුකෙරෙන  ඓතිහාසික  වගකීමෙන්   සහ    වැරැද්දෙන්  ගැලවීමට  ඊට  අදාල  කිසිවෙකුට   නොහැක.

නගරාධිපති  වරයා  තමන්ගේ  අත්සන  යොදා  අනුමැතිය   දෙන්නේ  වැරදි   අවශ්‍යතාවයක්  වෙනුවෙන්  බව  නොදැන  නොවන  බව  අපි  දනිමු.  මේ  සඳහා  කොමසාරිස්වරිය  පෙරළා  නගරාධිපති වරයාගේ  වුවමනාවන්  සඳහා  තම  නිලය  යොදාගන්නා  බවද  දන්නෝ  දනිති.   මෙම  තත්වයන්ට  වගකිවයුතු  විරද්ධ  පක්ෂයේ  (එ. ජා. ප.යේ)  ගොබිලන්  දෙදෙනෙකු  මුදල්  කාරකසභාවේ  සිටියද  ඔවුන්ද  මේවා  පිළිබඳව  හඬක්  නොනගති.

කෙසේ  නමුත්  සාධාරණ  සමාජයක්  ගොඩනැගීමට  ගෝෂාකරන  ජ. වි. පෙ  සාමාජිකයින් ද  මේ  කිසිදු  කරුණකදී   මැදිහත්  නොවන්නේ  ඇයිද  යන්න  ප්‍රශ්ණයකි.  මීට  පෙර  කාලයකදී  මෙවැනි  තත්වයන්  මතුවනවිට  එකල  සිටි  එකම  ජ. වි. පෙ.  සාමාජිකයා  මේවාට  එරෙහිව  හඬනැගූ  ආකාරය  අපට  අමතක  නැත. එපමණක් නොව   ජාතික  සහ  ජාත්‍යන්තර  ප්‍රශ්ණ  පිළිබඳව  හඬ නගන  සිවිල්  සමාජ  සංවිධාන,  රාජ්‍ය  නොවන  සංවිධාන , බදු ගෙවන්නන්ගේ  සංගම්,   බුද්ධිමතුන්  යන  සියළුදෙනා  තමන්ගේ  දෙපාමුල  ඇති  මෙකී  ප්‍රශ්ණ  ගැන  වගේ වගක්  නැත.  මේ මගින්  අසාධාරණයට  ලක්වන්නේ  මීගමුව  නගරයේ  ජීවත්වන   නගරසභාවට  බදු ගෙවන  ජනතාවයි.  ඒ නිසා  අපි  දිගින් දිගටම  එම  ජනතාව  වෙනුවෙන්  මෙසේ  සිදුවන  අසාධාරණයන්ට  එරෙහිව  කටයුතු  කරන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article