රුපියලක් වියදම් නොකර රාජ්‍ය ඇමති නිමල් ලංසා වැඩභාර අරන් !

0
62

nimal 1රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සිය රාජ්‍යය අමාත්‍යධුරයේ වැඩ භාර ගෙන ඇත.මෙ අවස්ථාවට කැබිනට් ඇමති තොණ්මන් මහතාද එක්ව තිබුණි.
මේ වැඩභාරගැනිමේ උත්සවය වෙනුවෙන් රුපියලක්වත් වැය කර නැති බවත් ජනපති ගෝඨාබය ආදර්ශයට ගෙන නිමල් ලංසාද කටයුතු කරන බව එහිදි ඔහු මාධ්‍ය හමුවේ කියා ඇත.
මිට ඉහත මෙවැනි උත්සව වලදි විශාල මුදලක් වැය කර ඇති බවද ඔහු එහිදි සදහන් කර ඇත.
මේ අවස්ථාව සදහා  සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ කීපදෙනා සහ අමාත්‍ය තොණ්ඩමන් මහතා පමණක් එක්ව සිටිනු දක්නා ලදි.
නිමල් ලංසා යනු  මිට වසර 15 කට පමණ ඉහතදි මිගමුව මහනගර සභාවට පාපැදියකින් පැමිණි අයෙකු වන අතර අප දන්නා තරමින් ඔහු පුර්ණ කාලිනව දේශපාලනයේ නියැලි සිටියේය.
මේ වන විට ඔහු ප්‍රකෝටිපතියෙකු වන අතර සිය පවුලේ සාමාජිකයන් ජිවත් වන්නේද ඕස්ට්‍රෙලියාවේය.
සිය දේශපාලන භාවිතාව හේතුකොට ගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ පොහෝට්ටු දේශපාලකයන් රැසක් සමගින් ගැටුම් ඇතිකරගෙන සිටින රාජ්‍ය ඇමතිවරයා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලබාගැනිමේ අභියෝගයකටද මුහුණ දි සිටි.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයාට ලැබි ඇති ඇමතිධුරය පිළිබදව ඔහුට සමිපයෙන් කටයුතු කරන අය පවා කියා ඇත්තේ බලාපොරොත්තුවෙන් සිටි ඇමතිධුරයක් නොලැබුන බවත් වතුයටිතල පහසුකම් පිළිබදව ඇමතිධුරයක් ධිවර පළාතකට ඇයිද යන්නත් ගැටළු සහගත බවය.