මීගමු එජාප මන්ත්‍රිලා පිරිසකගේ සහය මෙවර නිමල් ලංසාටද ?

0
51

UNp crowd 1මීගමුවේ පොහොට්ටු අයවැයට එජාපය සම්පුර්ණයෙන්ම සහය ලබාදි තිබුණි. අඩුම තරමින් විවාදයකට ඉඩ සලසා ගැනිමට පවා එජාප මන්ත්‍රිලා කටයුතු කර නොතිබුණි.
මෙහි වඩාත් පුදුම දනවන කරුණ වන්නේ මීගමුවේ වත්මන් එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන අඩුම තරමින් අයවැයට පෙර නාගරික මන්ත්‍රි කණ්ඩායම කැදවා අයවැය විශේෂ රැස්විමට කරුණු දැක්විම ගැන අඩුම තරමින් කණ්ඩායම් රැස්විමක් හෝ පවත්වා නොතිබුණි.
එජාප ආසන සංවිධාකයාගේ මෙන්ම බහුතරයක් එජාප නාගරික මන්ත්‍රිලාගේද සහයෙන් සම්මත කරගත් අයවැයේ සතුට බෙදාගැනිම සදහා නගරාධිපති දයාන් ලංසා විසින් දින 3 ක සුපිරි සවාරියක් සංවිධානය කර තිබෙන අතර ඒ සදහා නගරාධිපතිවරයාද ඇතුළු පිරිස හෙට දිනයේ පිටත්ව යෑමට නියමිතය.
මෙම සුපිරි සවාරිය නිමිති ගණනාවකි.
වෙරළ උද්‍යානය මෙවරද ලංසා පවුල වෙත ලබාදිමට එජාපය දුන් සහයට තුති පුද කිරිම ඉන් එකකි.
අනික් කරුණ වන්නේ අයවැය කිසිදු විවාදයකින් තොරවම සම්මත කරගැනිමට එජාප මන්ත්‍රිලා දුන් සහයට තුති පිදිමය.
වඩාත් වැදගත් කරුණ වන්නේ එළඹෙන මහමැතිවරණයේදි නිමල් ලංසා වැඩි මනාප ප්‍රමාණයක් ලබාගැනිමට හැකි වන අයුරින් ඇතැම් එජාප මන්ත්‍රිලාගේ සහය ලබාගැනිමට අදාලව නිමල් ලංසාගේ  විශේෂ මෙහෙයුමක් මෙම දින 3 නේ සවාරියේදි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබිමය.කෙසේ වෙතත් මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා කිපදෙනෙකුම නිමල් ලංසා හා ඉතා සමිප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන්නේ දැනට දශකයකටත් වඩා වැඩි කාලයක සිටය.
ඒ මන්ත්‍රිවරුන්ගේ බොහෝ පවුලේ කටයුතු වලදි නිමල් ලංසා අතදිගහැර වියදම් කර තිබිම මිගමුවේ දැන් ප්‍රසිද්ධ රහස් බවටද පත්ව තිබේ.
නම සදහන් නොකළ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මෙවර නත්තලට කඩ ප්‍රසිද්ධ ටෙන්ඩරයකට නොයවා අතට යට ගණුදෙනු වලට දි තිබුනේ මන්ත්‍රිලාගේ සවාරි ආතල් එකේ වියදම් පියගැනිම සදහා විය යුතු බවය.
එජාප නාගරික මන්ත්‍රිලා මේ අයථා වැඩ ගැන මීක් නොකියන්නේ ද ඒ නිසාම විය යුතුය.