spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසලාගෙන් ප්‍රසන්නටත් කැපිල්ලක් ?

Must read

IMG-20191209-WA0013නිමල් ලංසා සිය මැතිවරණ ව්‍යාපාරය සුපුරුදු කුමන්ත්‍රණකාරි ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යමින් තිබේ.
එයට අනුව මිගමුව තුල වෙනත් කිසිදු අයෙකුට ප්‍රසිද්ධියක් ලබාදිමට ලංසා පවුල කටයුතු කරන්නේ නැත.
පසුගිය දිනක පැවැති සාදයකදිද නිමල් ලංසා සිය ආධාරකරුවන්ට හට කියා ඇතැයි වාර්තා වුයේ වෙනත් පළාත්වල අයට මෙහි පැමිණි මනාප ලබාගැනිමට කිසිදු ඉඩක් නොදිය යුතු බවය.
මේ න්‍යාය දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පැහැදිලිව පෙනි යන්නේ නිමල් ලංසාට ඇමැතිධුරයක් ලැබිම ගැන සිය සොහොයුරා විසින් සුභ පැතුම් එක් කරමින් තෙල්වත්ත හංදියේ තබා ඇති දැවැන්ත පුවරුව දකින විටය.
පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානියා වන ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් මේ දැවැන්ත පුවරුවට එක්නොවුයේ අහම්බයකින්ද ?
එපමණක් නොව පසුගිය ජනපතිවරණයට බෙදාදිමට ප්‍රසන්න රණතුංග විසින් ඒවා තිබුණ විස්තර පත්‍රිකාව නිමල් ලංසා විසින් නිවරදිව කියවා බලන්නේවත් නැතිව නිමල් ලංසා සහ දයාන් ලංසාගේ පින්තුර පමණක් දමා මුද්‍රණය කොට බෙදා හැර තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්ත කොන්විමකට ලක්ව ඇති නිමල් ලංසා මෙවර පාර්ලිමේන්තුවට යෑම සදහා දැන් පටන්ම දැවැන්ත උත්සාහයක නිරතව සිටින අතර වෙනත් ආසන වලින් තමන්ට නොලැබෙන මනාප මිගමුවේදි වැඩිකරගැනිමට නම් පිට ආසන වල අයට මිගමුවට ඒමට ඇති සියළු ඉඩ වලකා ගත යුතු බව ඔහු තින්දුවකට ඇති සෙයකි.
එහෙත් දැනටමත් ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ වැනි අය වටා පෙළගැසෙමින් සිටින ආකාරයද දැනටමත් වාර්ථා වෙමින් තිබෙන රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධට සුබපතා එල්ලා ඇති බැනර්ද තැන් තැන්වලදි දැන් දැක ගතහැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article