spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පත් බැංකු ප්‍රසංගය: චිත්‍රාල් සෝමපාල ජනපතිට අපහස කළ කතාව බොරුවක් (VIDEO)

Must read

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් BMICH සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ ඊයේ (දෙසැම්බර් 14) රාත්‍රී සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ ප්‍රවීණ සංගීත ශිල්පී චිත්‍රාල් සෝමපාල විසින් ජනාධිපතිවරයාට අපහස කරමින් හැසුරුන හෙයින් ඔහුව පන්නා දැමු බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව එම ප්‍රසංගය සංවිධානය කළ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඔහු එබව සඳහන් කර සිටියේ, සංගීත ශිල්පී චිත්‍රාල් සෝමපාල සම්බන්ධයෙන් ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍ය වල පලවී ඇති වාර්තා හා වීඩියෝව සම්බන්ධයෙන් ‘theleader.lk‘ කළ විමසීමකදීය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

” චිත්‍රාල්ට මේ ප්‍රසංගයට ආරාධනා කලේ අපි. මේ ප්‍රසංගයට දාහකට වැඩි පිරිසක් සහභාගිවෙලා හිටියා. ඒ අතරේ අපේ කෙනෙක් සමග චිත්‍රාල් බහින්බස්වීමක් වුනා. චිත්‍රාලුත් ඒ අවස්ථාවේදී තරමක් ආවේගී විදියට හැසිරුනා.  ඒ වෙලාවේ එතන හිටපු සමහරු හූ කිව්වා. එනිසා අනවශ්‍ය ගැටුමක් ඇතිවීම වලක්වා ගන්න අපි එයාට කිවා ටිකක් පැත්තකට ගිහින් ‘රිලැක්ස්’ වෙන්න කියලා. අපි එයාව වේදිකාවෙන් එකක්ගෙන ගියා. ප්‍රසංගයේදී ඔහු ජනාධිපතිතුමාට අපහස කරන කතා කිවා කියන කතා පට්ටපල් බොරු. එහෙම කිසිම කතාවක් ඇතිවුනේ නැහැ.”

theleader.lk‘ තවදුරටත් කළ සොයාබැලීමක දී වාර්තාවූයේ, එම ප්‍රසංගයට සහභාගී ව පුද්ගලයකු සංගීත ශිල්පී චිත්‍රාල් සෝමපාල අසලට පැමිණ දකුණු අතේ මැදගිල්ල උස්සා සිදුකල හස්ත මුද්‍රවකින් නිසා මෙම ගැටුම ආරම්භවී ඇති බවයි.

මේ අවස්ථාවේදී අදාල දෙදෙනාම තරම ආවේගකාරිව හැසිරී ඇති අතර සංවිධායකින් වහාම මැදිහත්ව ගැටුම සමතයකට පත්කර චිත්‍රාල් සෝමපාල එම ස්ථානයෙන් පිටකර යැවීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ කිසිඳු තැනක ජනාධිපතිවරයාට අපහස කරන ප්‍රකාශයක් නොමැති අතර චිත්‍රාල් සෝමපාල පසුගිය කාලය පුරා එජාප ආණ්ඩුව සමග කටයුතු කළ අයකු බව මෙම සිද්ධියට අදාළ ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය පුවත් වාර්තාවල සඳහන් වේ.
theleader.lk

වීඩියෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article