කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 170ක් දක්වා ඉහල ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබේ.මෙයට අමතරව මේ වන විට රෝගින් 1737 මේ වන විට අලුතින් එක්ව ඇති අතර මුළු ගණන දැන් 7771 දක්වා ඉහල ගොස් තිබේ.මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් ඊයේ (29) නිවේදනය කළේය.ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත එම පියවර ගෙන තිබේ.විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය එරට වැසියන්ට උපදෙස් දී ඇති අතර චීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ඇතැම් රටවල් එරට වැසියන්ට උපදෙස් දී ඇත.
කොරෝනා වෛරස් රෝගින් වෙනුවෙන් වෙන්වු 16 වාට්ටුවට ඇයව ඇතුලත් කොට තිබුනි.












