spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇය මියගියද ඇගේ සිහිනය සැබෑවිය .

Must read

IMG-20200129-WA0019සිහින නිවස 4 සිහින නිවස 3

මීගමුව , කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බය විසින් බිලිගත් ජීවිත අතර එක් මවක් විය. ඇය නමින් චන්දි රසිකා ය. ඇගේ සිහිනය වූයේ තමන් සිටින කුඩා නිවස වෙනුවට සුන්දර දෙමහල් නිවසක් තනාගැනීමය. තම පවුලේ කටයුතු කරන අතර වඩ සහ රසකැවිලි හදා ඒවා විකුණමින් තම සිහිනය සැබෑකර ගැනීමට දැඩි අධිෂ්ඨානයක් ඇයට තිබින . තමන් පතන එම නිවස සඳහා සැලසුමක්ද සකසා එය අනුමත කරගත්තේ ඒ අනුවය.සිහින නිවස 5සිහින නිවස 2සිහින නිවස 1
වඩ සහ රසකැවිලි හදා ඒවා විකුණා තම අරමුණ සඳහා ජීවන ගමන යන අතර එම ගමන නතර වී ඇගේ සිහිනයද නතර විය
නමුත් චන්දිරසිකා පැතූ සිහිනය සැබෑ විය . දෙමහල් ගොඩනැගිල්ල ඉදිවිය. එය අංගසම්පූර්ණ නිවසකි. ඒ සඳහා දායකවූ විශාල පිරිසකි. එයට ප්‍රධාන මැදිහත් වීම ශ්‍රීලංකා බාලදක්ෂ සංගමයෙනි. එහි මීගමුව දිසා සංගමය , ලෝක බාලදක්ෂ ව්‍යාපාරය සමඟ ලේක්හවුස් ආයතනය , දේශීය ධානපතියන් පිරිසක් , ඉන්සි සිමෙන්ති සමාගම මේ සඳහා දායක විය . එසේම කටුවපිටිය මීසම් පාලක මංජුල හෙට්ටිආරච්චි පියතුමා ජේසු නිකායික ජෝර්ජ් ප්‍රනාන්දු පියතුමා ,
ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා ඇතුළු කිහිප දෙනෙකු මෙම සත්කාර්ය සඳහා මැදිහත් විය .එසේ සාමුහික ප්‍රයත්නයක් තුළ ගොඩ නැගූ එම නිවස මෙම පවුලට බාරදීමට පැමියේ ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ය. එමෙන්ම තවත් පියවරුන් සහ කන්‍යාසොයුරියන් සමඟ තවත් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය .IMG-20200129-WA0018IMG-20200129-WA0002
: මේ කුඩා පවුලේ ගෘහ මූලිකයා රෙක්සි තම දරුවන් සමඟ කාදිනල් තුමා බාරදුන් පසුව මේ සුන්දර නිවස බාරගත් නමුත් තම දයාබර බිරිඳ හෙවත් මෙම නිවස ගැන සිහින දකින්නිය නැති අඩුව මුහුණේ සටහන් වී තිබින .
“සිහින නිවස” නමින් නම් කළ මෙම චන්දිරසිකා පැතූ සිහිනය සැබෑවක් කළ නම් සඳහන් කළ නොකළ සියළු දෙනාට අපගේ ස්තුතියද මේ සමඟ එක් කරමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article