spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, July 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන් 8 කට කොරෝනා බවට පළවන වාර්ථාව බොරුවක් ?

ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන් 8 කට කොරෝනා බවට පළවන වාර්ථාව බොරුවක් ?

0
379

srilankaweb 

කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය  පවසන බව ලංකාදිප වෙබ් අඩවිය අද පළකර තිබුණි.
මෙම ලාංකිකයින් පිරිස ස්වයං නිරෝධනයට නිරත වනවා හැරෙන්නට මොවුන් කොරෝනා ආසාදිතයින් ලෙසට එරට කිසිඳු රෝහලකින් නිසි වෛද්‍ය වාර්තා නිකුත් කර නොමැති බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තහවුරු කර ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසු බවද එහි සදහන්ය.
මේ අතර srilankaweb නමින් ෆෙස් පිටුවක් පවත්වාගෙන යන කණ්ඩායමක් අද එහි පළකර තිබුනේ ඉතාලියේ ශ්‍රිලාංකිකයන් 8 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරන බවය.
කෙසේ වෙතත් මේ අකාරයෙන් ඇතැම් මාධ්‍ය වල සදහන් පුවත පිළිබදව විදේශ සබදතා අමාත්‍යංශයේම ප්‍රකාශිකාවක සදහන් කර ඇත්තේ ඉතාලියේ රැදී සිටින ලාංකියින්ට අට දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
ඉතාලියේ සිට ස්වයං නිරෝධානයේ නිරතවන ලාංකිකයින් 7 දෙනා එරට උතුරු පළාත් වන ලොම්බාර්ඩියා හි මිලාන්  , එමිලි රොනින්ගා ප්‍රදේශයන් හි පදංචිකරුවන් යැයිද ඔවුන් සිය පවුලේ සමාජිකයින් ගෙන් ඈත්ව සිටින බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
මීට පෙර  ඉතාලියේ දී  කොරෝනා වයිරසය ආසාදනය වූ ලාංකිකයකු පිළිබඳ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කරුණු තහවුරු වූයේ ඉකුත් 03 වැනිදාය..
මුලාශ්‍රය- lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here