දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළද කළාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. ඇදිරි නීතිය හේතුවෙන් සිය නවාතැන් පොලවල් වලට සීමා වී සිටි වසා දැමුණු කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ රජයේ මැදිහත් වීමෙන් පසුගිය දිනවලදී ඔවුන්ගේ ගම් බිම් වලට පිටත් කර හැරිණි.
ආයෝජන මණ්ඩල වාර්තා අනුව පසුගිය දින කීපය තුල කටුනායක 5144 ක්, බියගම 3264ක්, මීරිගම, වතුපිටිවල හා මල්වත්ත කලාපයේ 450ක් , හොරණ 962 හා සීතාවක 280 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැර තිබේ. ඒ අය අතර නිදහස් වෙළද කාලපයේ සේවක සේවිකාවන් නොවන වෙනත් ස්ථාන වල සේවය කල පිරිස්ද වූහ..
lankadeepa.lk













