spot_img
spot_img
spot_img
spot_img
Sunday, May 25, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice සජිත්ගේ නියෝජ්‍ය නායක ධුරයත් ගලවයි : SJB ගිය 99ක් එජාපයෙන් ඉවතට !

සජිත්ගේ නියෝජ්‍ය නායක ධුරයත් ගලවයි : SJB ගිය 99ක් එජාපයෙන් ඉවතට !

0
156
sajithtවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා අස්සන් කළ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

වාර්තා වන ආකාරයට එම යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමටත් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට ඉදිරි මහමැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් තීරණය වී ඇත.

එසේ පක්ෂ කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු වී තිබේ.
newstube.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here