නාවිකයන් අතරින් ඊයේත් ආසාදිතයන් 25 ක් !

0
106

Navy 1ඊයේ (30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 55 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එයින් 47 දෙනෙකුම වාර්තා වුයේ ඊයේ රාත්‍රි‍ 10 න් පසුවය.කෙසේ වෙතත් මෙම ආසාදිතයින් ගෙන් 25 දෙනෙක් නාවික සාමාජිකයින් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.‍19 දෙනෙක් කුවේට් සිට මෙරටට පැමිණි අය වන අතර, 8 දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයයි.

තවත් ආසාදිතයින් තිදෙනෙක් මාලදිවයිනේ සිට පැමිණි අය වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

‍ඊයේ රාත්‍රී 11 වන විට මෙරට සමස්ත ‍කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළ ‍ගොස්  ඇති අතර පුද්ගලයින් 822 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ පිහිටි රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 781 ක් දක්වා ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here