ජනපති ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

0
264

වත්මන් ජනාධිපතිවරයා බවට පත් වූ පොහොට්ටු පක්ෂයේ පුත්ලම දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සනත් නිශාන්ත මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් යන තේමාව උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින බවට මේ වනවිට තොරුතරු වාර්තා වෙමින් තිබේ.

ඔහු අද නීතිවිරෝධී ලෙස හිස්වැසුම් සහ අංක තහඩු නැති අධිබලැති යතුපැදියක ධාවනය කරමින් ප්‍රදේශයේ ජනතාව බියවද්දමින් කටයුතු කරන අයුරු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සමාජමාධ්‍යවලද වීඩියෝ සහ ඡායාරූප හුවමාරුවෙමින් ඇත.

එම ඡායාරූපවලට අනුව පොලිස් නිලධාරීන්ද එම යතුරුපැදිකරුවන් අතර සිටින අයුරුද දක්නට ලැබේ.

ඔහු විශාප පිරිසක් සමග යතුපැදි රැසක් භාවිතා කරමින් යතුපැතිවල මෙලෙස නීතිවිරෝධීව සවාරි යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකමින් සිටී.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාම සඳහන් කරන පරිදි තමන්ට රට නිවැරදිව ගෙනයාමටත් විනය ගරුක සහ නීතිගරුක රටක් ගොඩනැගීමටත් නිවැරදි පුද්ගලයින් මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත අපේක්ෂක කණ්ඩායමටම නායකත්වය දෙන දිස්ත්‍රික් නායකයන්ගේ හැසිරීම මෙලෙසනම් රට කෙසේ නිවැරදි දිසාවට ගෙනයා හැකි වේදැයි ජනතාවම ප්‍රශ්න කරමින් සිටී.

අඩුම තරමේ මෙම නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු හෝ නතර කරගැනීමට නොහැකි ජනාධිපතිවරයා සනත් නිශාන්තලා වැනි පුද්ලයින් සමග එක්ව රටේ නීතිය කෙසේනම් ගොඩනගන්නද?

xSanath Nishantha 2020.07.17 1.jpg.pagespeed.ic.HOO0Y9SO7w xSanath Nishantha 2020.07.17 2.jpg.pagespeed.ic.4VzDsEMVLB xSanath Nishantha 2020.07.17 3.jpg.pagespeed.ic.Hj2ZoFU14Rlankatruth.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here