spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

FB එකෙන් ඉතාලි යන හැටි මාතර නදියා කුමාරිගෙන් අහන්න…

Must read

රජේස්ගේ බිරිදගේ  මුදලින් අරගත් හිස් පළදනා සමගින්
රජේස්ගේ බිරිදගේ මුදලින් අරගත් හිස් පළදනා සමගින්

අද FB එකෙන් මාර දේවල් කරන්න පුලුවන් තැනක් බවට පත්වෙලා. හැබැයි FB එකෙන් ඉතාලි යන්න පුළුවන් කියල තාම කව්රුත් අහල නැතුව ඇති.
සමහර මිනිස්සු ඉඩම් කඩන් උගස් තියල ලක්ෂ 15 ක් වියදම් කරන කොට මාතර කැකුණුදොර පැත්තේ කොමිනිකේෂන් එකක් වැඩ කරපු නදියා කුමාරි සත 5 වියදම් කරන්නේ නැතුව FB එකේ පිහිටෙන් ඉතාලියට පැනගන්නවා.
රාජේෂ් කියන්නේ මීගමුව කොච්චිකඩේ පැත්තේ හාදයෙක් . එයා තමන්ගේ නිත්‍යාණුකුලව  විවාහ වෙච්ච බිරිදගේ පිහිටෙන් කොහොම හරි ඉතාලි ගිහින් භාෂාව දන්නේ නැති නිසා ඒ බිරිදගෙන්ම කකා බිබි අවුරුදු ගානක් නඩත්තු වෙල තියෙනවා.
රස්සාවක් නැතුව ගෙදර ඉන්න කොට බිරිද අරන් දුන්න ලැප්ටොප් එකෙන් ම කොහොම හරි අකුරු එකතුකරල කොටලා කොටලා මාතර පැත්තේ නදියා කියන කෙනා එක්ක පැටලෙනවා.
FB එක හරහා හරි රට යන්න බලන් නිදි මරාගෙන ඉතාලි කාරයෝ හොයපු මාතර නදියා කුමාරිගේ හිනේ හැබැවෙන්නේ මේ රාජේස් කියන කෙනා FB එකෙන් හම්බ වුනාට පස්සේ ,
රාජේස් තමන්ගේ විවාහක බිරිදගේ සල්ලිවලට අරන් දුන්න ලැප් එකෙන් FB ලව් එක දිගටම අරන් යනවා එකම පරහට තිබිල තියෙන්නේ ලැප් එකේ හරියට ලව් අකුරු කොටාගන්න තිබුන බැරි කම ලු.
නමුත් රාජේස් අතහැරිියෙත් නැ.
කොහොම හරි බිරිදගෙ  සල්ලිවලින්ම ටිකට් අරන් ලංකාවට ආපු රාජේස්  එකපාරටම අතුරුදහන් වෙනවලු.
ඒ කාලේ තමයි මාතර කැකුණදොර ගිහින් ඒ  නිදියා කුමාරිගෙ පැත්තේ අසරණ දෙම්පියන්ටත් බොරු තොගයක් ඇද බලා තමන් විවාහකයෙකු නොවන බව අගවල නදියා කුමාරිව විවාහ කරගෙන තියෙන්නේ.
ඊට පස්සේ රාජේස් ඉතාලියේ නපෝලි පාතාලේ කට්ටියකට සල්ලි දිල ඔක්කොම හොර කොළ හදාගෙන තමන්ගේ  FB පෙම්වතියව ඉතාලියට ගෙන්න ගන්නව.
ඉතාලි යන හැටි ගැන තාමත් හිත හිත වැලපෙන නංගිලාට තියෙන්නේ නදියා කුමාරිගේ පිහිට පතන එක .අත්දුටවයි .ප්‍රත්‍යක්ෂයි.
ඉතින් FB එකෙන් ඉතාලි යන හැටි තවත් විස්තර දැනගන්න ඇවසි නම් රාජේස්ගේ FB එකට  ගිහින් නදියාගෙන් අදහන්න පුළුවන් .
හැබැයි රාජේස්ගේ ඇත්ත පැටිකිරිය දැනගත්තහම ඕකව මරන් කන්න ඕනේ කියල නදියාගේ අම්මල මරලතෝනි දිල තියෙන හැටි අහල පහලටත් ඇහිල තියෙනවලු .
එකේ සජිවි පටිගතකිරිමක් අපි මීපුර වෙබ් අඩවියට ලගදිම එවන්නම් .
මෙයට
ගැරිබාල්දි හංදියේ සෝමේ –

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article