spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

FB එකෙන් ජාතිවාදය share කරන එක අශික්කිතයි හලෝ ….

Must read

mail.google.comඅන්තර්ජාලය මේ වන විට අති ප්‍රබල අවියක් බවට පත් වී ඇත. පසුගිය ජනාධිපතිවරනයේන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටද නොවැලැක්විය හැකි හේතුවක් වූයේ අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩ්වි වේ. එය ඔහුද පිළිගනී. අනතර්ජාලය හරහා නොකල හැකි දෙයක් නැති තරමටම අන්තර්ජාලය මානවයා වැළඳගෙන තිබේ. මෙහිදී  විශේෂ තැනක් ගන්නේ ෆේස් බුක් සමාජ ජාලය වේ. ලෝකයේ බිලියන 1.5 ප්‍රමාණයක් ෆේස් බුක් එනම් මුහුණු පොත භාවිතා කරයි.මේ මුහුනු පොත හරහා කෙරෙන කාර්ය විසතර කිරීමට අවශ්‍ය නොවන බව සිතන නමුත් සමහර පුද්ගලයින්ගේ ෆේස්බුක් භාවිතය හා නොදැනුවත්කම නිසා ෆේස් බුක් හරහා සිදුවන අමන වැඩ පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම වැදගත්ය.

විශේෂයෙන්ම අන්තර්ජාලය, ඉංග්‍රීසි බස නොදැනුවත්කම හා මානසීක මට්ටම අනුව සිදුවන වැරදී නිසා මෙහි සැරිසරන අනෙකුත් පුද්ගලයින්ට වැරදි පූර්වාදර්ශ ඇතිවිය හෑක.මේ නිසා ෆේස් බුක් සිංහලට පරිවර්ථනය කිරීම හා ෆේස් බුක් භාවිතා කිරීමට පෙර එය පිළිබඳ දැනුවත් වීම වැදගත් යැයි මාගේ මතයයි.

නොදැනුවතකම නිස වැරදි කරන පුද්ගලයන් මෙන්ම දැනුවත් භාවයකින් සිදුවන වැරදිද මෙහි නැතුවා නොවේ. මෙයට එක් හේතුවක් වන්නේ  තමන්ගේ මානසීක මට්ටමයි.

අපි ලිපියේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙමු. ෆේස් බුක් හී සිංහල ශ්‍රී ලාංකීය කවය තුල ජාතිවාදය හා දේශපාලනය සුවිශේෂි තැනක් ගනී. විශේෂයෙන්ම ජාතිවාදය මෙය මෝටාර් අවියක් කරගෙනය.එම නිසා සිදුවන මනස විකෘතිවීම් වලට උදාහරණ අප රටේ අද දක්නට ලැබේ.

බදුල්ල ප්‍රදේශයේ මහ මග කපා කොටා සිදුකල මනුෂ්‍ය ඝාතනය

මෙම සිදුවීම පිළිබඳව ඇතැම් සිංහල ජාතීවාදය අවුස්සන පිරිස් හා ෆේස්බුක් පිටු විසින් තලු මර මර ජාතිවාදය ඇවිස්සුවේ ශරියා නීතීය ලංකාවේත් ක්‍රියාත්මක වන බව කීමේනි.මෙම ප්‍රකාශය මොවුන් සිදු කිරීමට පෙර මෙම සිදුවීම සීදු කිරීමට එම තරුණයාට පෙළඹවීමක් ඇති කලේ අද ඔය කියන සිංහල ජාතීවාදීන් විසිනි. එනම් ආරාබිකරයේ මිනිසුන් කපා කොටා ඝාතනය කරන වීඩීයෝ පට බෙදාහරිමින්  පෙන්වන්නේ තම හතුරාට මෙසේ සලකන්න කියාය. තම කිපීම මෙසේ පිට කරන්න කියාය. එම විඩියෝ පට ශෙයාර් ( බෙදා හරිමින් ) කරමින් ජාතිවාදය මෙන්ම තම හතුරාට සලකන හැටිද උගන්වති. මෙවැනි සිදුවිම් නරඹා අපේ උදවියද මෙය හිතට ගනිමින් කුනු කතා හතක් කියා ශෙයාර් කරයි. නමුත් මෙය නරඹන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මෙයින් ආදර්ශ දෙකක් ලබා ගනී.එකක් ජාතිවාදයයි. අනෙක සතුරාට පහර දෙන ආකරහරහා පිරිමහන ආකරය.මෙවැනි ඛෙදනීය තත්වයටකට අද පත්ව ඇත්තේ උගත් මොඩූන්ද බුකිය තුල සිටින නිසාවෙනි.

මේ පිළිබඳ දැනුවත් වීම හා මෙවැනි දෙය බෙදාගැනීමට පෙර දෙවරක් සිතීමට වැදගත්ය.මෙවැනි පිළිකුල් සහගත වීඩියෝ පට නැරඹීම තුලින් සිදුවන මානසීක විකෘති වීම් මිනිසෙකුගේ චින්තනයට මහත් සේ බලපායි. බදුල්ල මෙම සිදුවීමේදීද එම වීඩීයෝ කරන පුද්ගලයාද එම මරණයට වගකිව යුතුව.තමන් ඉදිරිපිට කෙනෙක් කපා කොටා ඝාතනය කරද්දී ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමට වඩා ඝාතනයට ලක්වන ජීවිතය බේරා ගැනීමට ක්‍රියා කිරීමට වැදගත්ය.විඩියෝ කිරීමට වඩා ජීවිතයක් වටින්නේය යන හැඟීම නොතිබුනේද යන්න ප්‍රශ්නයකි. එය අසන්නට වන්නේ ඔහුගෙන්මය. මිනීමරුවා මුස්ලිම් වේවා මියයන්නා සිංහල වේවා විඩියෝ කරන්න  වෙනත් දමිල වේවා මේ හැම මනුෂ්‍ය ජාතියේම ඇත්තේ රතු පාට ලේය. ජාතියක් තවත් ජාතියකට අවි ගැනීමද ආගමක් ආගමකට අවි ගැනීම මනුෂ්‍යත්වයේ සළකුණක් නොව සතුන්ටත් නැති තිරිසන් බවේ සළකුණකි.
ඩිල්ෂාන් තිසේරා –

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article