spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

online ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවසර ඉල්ලයි !

Must read

පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජේ.ගුණසිරි ප්‍රකාශ කර සිටින බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

සංචරණ සීමා පනවා තිබීම නිසා දිවයින පුරා සුරාසැල් වසා දැමීමත් හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් පරිහරණයට සහ නිෂ්පාදනය පෙළඹී ඇති බවට පසුගිය කාල සීමාවේදී නිරීක්ෂණය වී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටි බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මෙවැනි කටයුතු නිසා ඉදිරියේදී රජයේ බදු ආදායම් දීර්ඝ කාලීනව අහිමිවී යාමේ අවදානමක් ඇති නිසා නියමු ව්‍යාපෘතියක් ලෙස පාරිභෝගියකයින් වෙත මත්පැන් සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමට අවසර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
මුලාශ්‍රය – නිව්ස්වයර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article