spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

P මහත්තයා ලොව සිටින වාසනාවන්තම පුද්ගලයෙකි.ස්පාඤ්ඤ උණද කොරෝනා වෛරසයනද පරදා දිවි රැක ගත්තෙකි

Must read

පසුගිය දිනක වයස අවුරුදු 101 පුද්ගලයෙකු ඉතාලියේ Rimini ප්‍රාන්තයේ රෝහලකින් COVID-19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මොහු මීට පෙරද මෙවැනි ව්‍යසනවලට මුහුණ දී තිබෙනවා. එනම් මොහු උපත ලැබූ කාලයේ ලෝකය පුරා ස්පාඤ්ඤ උණ වසන්ගතයක් (Spanish flu) පැතිරී ගොස් තියෙනවා. එසේම දෙවන ලෝක යුද්ධයට පවා මොහුව හසුව තිබුනත් එයින් පවා ආරක්ෂා වී තිබෙනවා.

පසුගිය දිනක මොහු රෝහලෙන් පිටව ගිය අතර ඉතාලි මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරමින් කියා සිටින්නේ මෙය ඉතා අසාමාන්‍ය සිදුවීමක් බවයි. අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයෙකු සුව වීම මුලු ඉතාලියට මෙන්ම ලෝකයටම අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා.මිට පෙරද ඉතාලියෙන් වයස අවුරුදු 102 තැනැත්තියක් සුවය ලබා තිබුනා . මෙම නගරයේ උප නගරාධිපතිවරයා පවසන්නේ මෙය කෙසේ සිදුවනාද සිතා ගත නොහැකි බවයි.

මේ පුද්ගලයා උපත ලබා ඇත්තේ 1919 ස්පාඤ්ඤ උණ වසන්ගතයක් ලෝකය පුරා පැතිරෙන සමයේදී. එයින් ලෝකය පුරා මිනිසුන් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. එමෙන්ම 600 000 පමණ ඉතාලි ජාතිකයන්ද මිය ගිහින් තියනවා. එසේම මොහු පළමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය සමයේ ජීවත් වී එයින්ද බොහෝ පීඩා විදලා තියෙනවා. ජීවිතයේ ආරම්භයේ වගේම අවුරුදු 100 කට පසු නැවත රෝහලකට එන මොහු සුව වෙලා යන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අලුත් කරලා.

ඉතාලි වෛද්‍යවරුන් COVID-19 ඉදිරියේ අවු. 65ට වැඩි පුද්ගලයන් ගැන බලාපොරොත්තු අත හැරලා ඉද්දි ඉතාලියේ අවු 70 ට වැඩි පුද්ගලයන්ගෙන් 86‍% කට වැඩි ප්‍රතිශතයක් ජීවිතේ හැර යද්දි මේ පුද්ගලයා සුව වෙලා අපි හැමෝටම කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු නැති කර නොගෙන අනාගතය ගැන බලාපොරොත්තු අලුත් කරගන්න ලෙසයි.
vivaranews.com

මරීනා හේෂානි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article