spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Poli-කොට්ටං ගේ කුරුටු ගී

Must read


ළුණු ගෙඩිය  තුන හතරට                                          කපාගෙන

ලාබෙට ලැබෙන රට නාඩුව                                       උයාගෙන

අපේ රටේ ගොවියා ගැන                                           පතාගෙන

හුන්ඩුව බුදිමු හය දෙනාම                                        බෙදාගෙන 

 

ලේකම්ලා පනිනා හැටි                                            බලාගෙන

එන චන්දෙ  වාසිය ගැන                                          මවාගෙන

නොමිලේ බෙදන  හැමදේමත්                                  බදාගෙන

රට ගැන හිතමු  බඩ කට හැම                                  පුරෝගෙන

 

දින සීයේ වෙනසට ඇස්                                        ලොබාගෙන  

චින්තනයේ ඉදිරි දැක්ම                                          පතාගෙන

සුද්ද හවුලේ  කැද හැලියේ                                     එබීගෙන

පවුල් සාදේ ඉදුල් බුදිමු                                       පෙරාගෙන

 

ජැකී නෝනගේ ලස්සන                                 බලාගෙන

සල්මන්ගේ බොඩි එක දෙස                           බලාගෙන

උන්ට  ලැබෙන රස මසවුලු                           හිතාගෙන   

ලුණුයි බතුයි කමු ටීවී                                   බලාගෙන

 

යහපාලනේ සිරිමොදිට                            පොවාගෙන 

උඩු රැවුලේ නළුවා දෙස                           බකියගෙන

කලාකෙතේ  ලෝන්ඩරියම                      බලාගෙන

හූ පතුරමු  අනාගතේ                             මවාගෙන     

 

         චතුර විමර්ශ
19679_600

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article