spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Smartphone Zombies ලා නිසා පදිකවේදිකාවටත් ලයිට්??

Must read

වර්ථමානය වන විට ස්මාර්ට් ජංගම දුරකථන හොද දෙයට වගේම අනවශ්‍ය ලෙස යොදා ගන්නා අවස්ථාවන් සුලභ වෙමින් පවතී . අතීතයේදී දුරකතන ඇමතුමක් ලබා ගැනීම වෙනුවෙන් පමණක් භාවිතා වූ දුරකතන දැන් එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වී හමාරය. විශේෂයෙන් තරුණ පරපුර එයට ඇබ්බැහි වී ඇත. තැනක් නොතැනක් නැතුව ජංගම දුරකතන භාවිතා කරන පිරිස් වැඩිවෙමන් ඇති අතර ඒ අතර මහා මාර්ගයේ ගමන් කිරීමේදී හා අනුව හරහා මාරුවීමේදී ජංගම දුරකතන ඇතැතිව ගමන් කිරීම නිසා අනතුරු සිදුවූ අවස්ථාවන් බහුලය. මෙරට පමණක් නොව ලොවපුරාම තත්වය මෙය වන නිසාම නෙදර්ලන්තයෙන් මෙවැනි සිහියක් නැති පිරිසේ ජීවිතය බේරා ගැනීමට නව විසදුමක් හදුන්වා දී ඇත.

එහිදී පදිකවේදිකාවන් වල හා පාර හරහා ගමන්ගන්නා ස්ථාන වල විශේෂිත විදුලි බල්බ සවිකර ඇත. එමගින් දුරකතනය දෙසටම නෙත් යොමාගෙන යන පුද්ගලයන්ට මෙම විදුලි බල්බ හොදින් දර්ශණය වේ. එලෙසම මාර්ග සංඥාවල වර්ණනයන්ට අනුව මෙම විදුලි බල්බ වලත් වර්ණයන් වෙනස් වීම නිසා මෙම පියවර වඩාත් සාර්ථකය.

නමුත් මේ පිලිබදව අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ මෙවැනි ක්‍රියාවන් මගින් අනවශ්‍ය ලෙස ජංගම දුරකථන භාවිතා කිරීමට තරුණ පිරිස් තව තවත් යොමු කරන බවයි.

PAY-PROD-CEN_PhoningPedestrians_01

traffic-light-green-large_trans_NvBQzQNjv4Bq5E09dxZpf6m97andAsHWyhsrd9BA9pGg5kXRmr3bY7I.PNG

 

 

BBC ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article