spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

soft ලොජික් බයි ලොජික් සහ ගොන් logic

Must read

ලංකාවේ රක්ෂණය ගැන කථා කරන ආයතන නම් කියක් තියෙනවද . මිනිස්සු ලගට ගිහින් හරියට ඇස්කිමෝලටත් ෆ්‍රිජ් විකිණගන්න පුලුවන් ගානට තමයි මේ අය තව්සන් ටොක්ස් දෙන්නේ .

මේ බිස්නස් එක රදා පවතින්නේ ඒ ඒ ආයතනයල තියෙන විශ්වාසය පදනම් කරගෙන . ඒ ඒ ආයතන වලට අදාල විශ්වසනියත්වය ගේන්නේ ඒ ඒ තැන්වල වැඩකරන මිනිස්සු සහ ගෑණු .

එතකොට තමයි මිනිස්කම හා බැදුන විශ්වසනියත්වයක් ගැන ලොජික් එක වර්ධනය වෙන්නේ .
හැබැයි ගණිතඥයෝ ඕන තැනට නැට්ටුවෝ වගේ පොරවල් මේ තැන් වලට ප්ලේස් වුනොත් ඒ ආයතන වලට දෙයියන්ගේ පිහිටයි .

මේ දවස් වල අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ රක්ෂණ ආයතනය තුල මිනිස්සමේ ලොජික් එක පවා දෙමින් ගොන් ලොජික් දාන සම -හරක් අය ගැනයි

මොකද මිනිස්සුන්ට ආදරය නොකරන , මුලික මිනිස් අයිතිවාසිකම් ගැන නොදන්න ගොන් ලොජික් කාරයන්ට බෑ රක්ෂණ ආයතනයක් තුල මිනිස්කමේ විශ්වසනියත්වය ගොඩ නගන්න පුලුවන් ලොජික් එක වර්ධනය කරන්න

නමුත් අවාසනාවකට මිගමුවේ ඇතැම් ආයතන අස්සේ බයි ලොජික් කාරයෝත් එක්ක ගොන් ලොජික් කාරයොත් ඉන්න වග දැන් පැහැදිලි වෙමින් තියෙනවා .
ඒ හින්දම මේවල ලොක්කෝ කල්පනාවෙන් …

රක්ෂණය කියන්නේ විශ්වාසය මත . ඒක හබක් වුනොත් ඉතින් සොරිම තමයි . වලන්කාරයගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි

සුසිල් ප්‍රනාන්දු – පිටිපන

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article