TNA සහය සජිත්ටද ? ගෝඨාටද ? අනුරටද ? තීරණය මේ සතියේ

0
21

ITAK Leadershipමෙවර ජනපතිවරණය ජයගන්නා අපෙක්ෂකයා කව්ද යන්න පිලිබදව තිරණාත්මක සාධකයක් බවට දෙමළ ජාතික සන්ධානයේ තේරීම මේ වන විට බලපා තිබේ.
ඔවුන් තවවන තුරුත් සිය නිළ ස්ථාවරය ප්‍රකාශ කොට නොමැත.
එජාප අපෙක්ෂකයත්වය සජිත් පාර්ශවය විසින් දැඩිව ඉල්ලා සිටියදි පක්ෂ නායකයා ලෙසින් අගමැති රනිල් වික්‍රමසිංහ සදහන් කරන්නට යෙදුන එක් කරුණක් වුයේද දෙමළ ජාතික සන්ධානයේ සහය ගන්නේ කෙසේද  කියා සිටින ලෙසය.
එජාප විසින් නම් කරන අපෙක්ෂයාට අනුව සිය තිරණය ප්‍රකාශ කරන්නේ යැයි දමිල ජාතික සන්ධාන සිට ස්ථාවරය මුලදිම කියා තිබුණි.
කෙසේ වෙතත මේ තිරාණාත්මක තීන්දුව මේ සතිය තුලදි ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
මේ අතර  ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මහතා පවසා තිබේ.