spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Uber මාළු මාමාගේ බිස්නස් එකටත් තට්ටු කරයි!

Must read

ඇමරිකානු සමාගමක් වන Uber EATS හරහා ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන බෙදා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජංගම මාළු වෙළෙන්දන්ගේ විරෝධයක් එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔවුන් පෙන්වාදෙන්නේ මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වලට විශාල හානියක් සිදුවනු ඇති බවයි.

අදාළ තීන්දුවට අනුව ඉදිරියේදී මාළු වෙළෙන්දන්ටත් Uber EATS සමාගමේ ප්‍රවාහකයන්වීමට සිදුවනු නොවනු මාන බවද කියා සිටී.

මෙම හවුල්කාරීත්වය යටතේ, දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථාවේ අලෙවිසැල් 100 කට ආසන්න සංඛ්‍යාව අතරින් 40 කට අධික අලෙවිසැල් සංඛ්‍යාවකින් Uber EATS යෙදවුම හරහා මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

මෙහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී වෙනත් දිස්ත්‍රික්ක වල ලංකා ධීවර සංස්ථා අලෙවිසැල්ද මෙම වැඩසටහනට එක්වනු ඇතැයි පැවසේ.

Uber EATS හවුල්කාරීත්වය සතුටක් – කංචන රාජ්‍ය ඇමති

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා “ලෝකයේ සිදුවන වෙනස්කම් වලට අනුගත වෙමින්, වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අප සෑම විටම උත්සාහ කළ යුතු බව අප විශ්වාස කරනවා. අන්තර්ජාලය ඔස්සේ ආහාර ඇණවුම් කර ගෙන්වාගැනීම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින පසුබිමක් තුළ මේ ආකාරයට ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS අතර හවුල්කාරීත්වයක් ඇතිවීම අපට මහත් සතුටක්.” යැයි කියා සිටී.

ලංකාව දියුණු කරන්න මෝදිවගේ හිතන අය ඕන

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දක්වමින් නම හෙළිකිරීමට අකමැතිවූ ධීවර වෘත්තීය සමිති නායකයකු කියා සිටියේ අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන් සිතන නායකයකු ලැබෙන තෙක් ලංකාව තුළින් ව්‍යවසායකයින් බිහිකළ නොහැකි බවයි.

ඔහු පෙන්වා දුන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළමුවරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අවස්ථාවේ ඔහුට ඇමරිකානු බහු ජාතික සමාගමක් වන Walmart සමාගම ඉන්දියාව තුළ සුපිරි වෙළෙඳ සැල් 100ක් ඉදිකිරීමට යෝජනාවක් ගෙනා බවයි.

කෙසේවුවද, මෝදි එවැනි එක් වෙළඳ සැලැකින් සිය ව්‍යාපාරිකයන් පන්දහසකට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇතිවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය.

මේ අතරම පසුගිය වසරේ (2021 අගෝස්තු 21) ඉන්දීය ජන රජ දින කථාවේදී මෝදි කියා සිටියේ තම ඉදිරි සැලසුම පදික වෙළඳුන් ව්‍යවසායකයින් කිරීම බව යැයිද එවැනි සිතුවිලි ඇති නායකයින් එනතෙක් මෙරටට අනාගතයක් නැතැයි ඔහු කීය.

Uber මුදල් යන්නේ කොහෙටද?

මේ අතර, මේවන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත්තේ Uber ඇනවුම් සඳහා සිදුකරන ගෙවීම් සියල්ල අදාළ ඇමරිකානු සමාගමේ ඇමරිකානු ගිනුමට බැරවන බවයි.

එසේම, මේ වනවිට දරුණු ඩොලර් හිඟයක පසුවන ලංකාව සේවාවන් සඳහා ද විදේශීය සමාගම් හවුල්කර ගැනීම තුළින් ඩොලර් අර්බුදය තවත් උග්‍රවීමේ අවදානමකට ලක්වනු ඇතැයි ආර්ථික ප්‍රවීනයන්ගේ පෙන්වා දෙති.

ලෝකයේ බොහෝ රටවල ඉතාම ජනප්‍රිය ටැක්සි සේවාවක් වන UBER ගැන වරක් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ සඳහන් වූයේ “එකම වාහනයක්වත් තමන්ට අයිති නැති ලොව ලොකුම ටැක්සි සේවාව” යන නමිනි.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article