spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය අද

Must read

සමරේලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ මීගමුවේදීය. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය අප්‍රේල් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, මීගමුව, කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී(සිංගර් මෙගා ‍වෙළදසැල ඉදිරිපිට) ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් නොමිලේ විවෘතව පවතී.

අප්‍රේල් 7, සවස 03.00 සිට 05.00 දක්වා

කෙටි අදහස් දැක්වීම සහ සංවාදය

සත්‍යවේල් පියතුමා, සංධ්‍යා එක්නැළිගොඩ සහ සාලිය ඉදුරුවිතාන විසින් සංවාදය පෝෂණය කිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය

අප්‍රේල් 8, සවස 03.00pm – 05.00pm දක්වා

ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා, කුමාරි කුමාරගමගේ සහ සම්පත් සමරකෝන් විසින් සංවාදය පෝෂණය කිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article