spot_img
spot_img
Saturday, June 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද තරගය වැදගත් ඉසව් රැසක සනිටුහන් කරයි:වැඩි වාසී ලංකාවට.

Must read

The Stadium is situated in the Central Province, close to Dambulla on a 60 acre (240,000 m²) site leased from the Rangiri Dambulla Temple(1)

(20) අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගය අංශ රැසකින් ශ්‍රී ලංකාව කණ්ඩායමට වැදගත් බව ක්‍රිකට් විචාරකයන් පැවසීය. එම කරුණු වන්නේ
  • ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ සහභාගී වන 200 වන තරගය මෙම තරගය වීම සහ ඔහුට කඩුලු 300 සීමාව පසු කිරීමට දවා ගත යුතු වන්නේ තවත් කඩුලු දෙකක් පමණක් වීම නිසා තරගය වැදගත් වන බව.
  • ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා එක්දින තරග 150ක් පවත්වා ඇතිබව හා ඉන් තරග 85කම ජය ඉන්දියා කණ්ඩායම හිමිකර ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 55ක ජය හිමිකර ගෙන ඇතිබව.
  • 1993 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම  ඉන්දිය කණ්ඩායමට එරෙහිව පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය කර ඇතිබව. එම තරගාවලිය අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් තරග කර බව ක්‍රීඩා විචාරකයන් පැවසූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 03කින් සමන්විත එම එක්දින තරගාවලිය 02 ට එකක් ලෙස ජය ගැනීමට සමත්වූ බව පැවසීය.
  • ශ්‍රී ලංකාව කණ්ඩායම එක්දින ශ්‍රේණීගත කිරීම් සටහනේ 08 වන ස්ථානයේ පසුවන අතර ඉන්දිය කණ්ඩායම එහි 03 වැනි ස්ථානයේ පසුවන බව.
  • ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම එක්දින තරගාවලියේ අවම වශයෙන් තරග 02ක් ජය ගත යුතු බව.
  • අද තරගය පැවැත්වෙන රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිළට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන බව.
  •  මේ දක්වා දඹුලු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව කණ්ඩායම එක්දින තරග 40 ට තරග 25ක ජය අත්කර ගැනීමට සමත් වී ඇතිබව හා ඉන්දීය කණ්ඩායම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ එක්දින තරග 17ක ක්‍රීඩා කර තරග 09ක ජය හිමිකර ගෙන ඇතිබව.
  •  ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී එක්දින තරග 11 ක්‍රීඩා කර ඇති අතර තරග 07ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇතිබව .එහිදි ඉන්දීය කණ්ඩායම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ශ්‍රි ලංකාවට එරහිව ජයගෙන ඇත්තේ  එක්දින තරග 04ක් පමණක්ය. යන්න එම කරුණු වේ.
    අද පස්වරු 02.30 පමණ දිවා – රාත්‍රි තරගයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article