spot_img
spot_img
spot_img
spot_img
Friday, May 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Stories අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් විශාල සංඛ්‍යාවක හිඟයක් ?

අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් විශාල සංඛ්‍යාවක හිඟයක් ?

0
159
image d12477a523අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් විශාල සංඛ්‍යාවක හිඟයක් මේ වන විට පවතින බව කී ගල්කන්ද මහතා ඖෂධ ආනයනකරුවන් සියයට 30 ක මිල වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද සඳහන් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබේ..

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා කොළඹදී අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පවසා තිබුණි.

මේ අතර මිගමුවේද ඖෂධ හල් බොහොමයක් බෙහෙත් තොග අවසන් වෙමින් ඇතැයි පැවසෙන්නේ ඉදිරියේදි ඇතිවිය හැකි ඖෂධ හිගයක් ඇතිවේ යැයි තියෙන බිය නිසා අත්‍යවශ්‍ය අය බෙහෙත් රැස්කිරිමට පටන් ගෙන ඇති නිසාවෙනි.

මේ අතර ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද යුතු බවද  අද පැවැති මාධ්‍ය හමුවේදි අවධාරණය කර තිබේ.

සිමෙන්ති, කිරිපිටි වැනි භාණ්වල පාලන මිල ඉවත්කළ ආකාරයෙන්ම ඖෂධවල ද පාලන මිල ඉවත් කිරීමෙන් රට තුළ උද්ගතව ඇති ඖෂධ හිඟය මඟහරවා ගැනීමට හැකි වන බව ද ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර ඇත.

ඖෂධ බෙදාහරින ආයතන දින කීපයක සිට ඖෂධ ශාලාවලට බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවා තිබීම නිසා හෙට සිට ජනතාවට ඖෂධ නිකුකළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඖෂධ නොලැබීමෙන් ඖෂධ ශාලා මේ වන විටත් හිස් වී ඇති බවත් ගල්කන්ද මහතා කීය.
මුලාශ්‍රය – ලංකාදිප

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here