spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන ඇතුළු භාණ්ඩ රැසක ඉතිහාසයේ ඉහලම මිළ වාර්තා වෙයි !

Must read

ලාෆ් ගෑස් මිල රු4000 සීමාව ඉක්මවා ඉහළ යන බවට වාර්තා වෙමින් ඇති අතරේ  කිරි පිටි මිලද රු.300කින් ඉහල යන බව සැලය.

අද උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල සෙරෙන්ඩිප් ආයතන රුපියල් 35කින් ඉහළ දැමීමට තිරණය කර තිබුන අතර ප්‍රිමා සමාගම විසින් පාන්පිටි කිල‌ෝවක මිළ රු 40 කින් ඉහල දැමිමට යන බවද වාර්තා විය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රු30 කින් ඉහල දමා ඇත.

IOC විසින් දැනටමත් සිදුකර ඇති ඉන්ධන මිළ ගණන් ඉහල දැමිම ඩීසල් සහ පෙට්ට්‍රල් සදහා නියමව ඇති ඉහලම මිළ බවට පත්ව තිබේ.
ඒ් අනුව පෙට්ට්‍රල් ලිටරයක් රු 254 ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඩිසල් ලිටරයක් රු 214 ක් වේ .
‌මේ මිළ ඉහල යෑමේ බලපෑම හේතුවෙන් ඉදිරියේදි තවත් භාණ්ඩ හා සේවාවන් රාශියක මිළ ඉහල යෑම අනිවාර්යයක් බවට පත්ව තිබේ.

කෑම පැකට්ටුවක මිල රු 20කින් හෝ රු 30කින් ඉහල දැමීමට සිදු වන බව ආපන ශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් පවසා තිබුන අතර ඊයේ දිනයේ තෙල් මිල ඉහලට යාමත් සමඟ ත්‍රී රෝද රථයක පළමු කිලෝමීරයක අවම ගාස්තුව රු80 දක්වා ඉහල යැමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්මක් රටට හදුන්වාදිමට බලයට පැමිණි වත්මන් රාජපක්ෂ පාලනය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ‌රැසක මිළ ඉතිහාසයේ පළමු වරට ඉහලටම ගොස් තිබේ.
ඒ් අනුව රාජපක්ෂවරුන් ගේ මේ වත්මන් පාලනය දැනටමත් ලංකා දේශපාලන ඉතිහාසයේ ආසාර්ථකම පාලනය ලෙසින් දැනටමත් තින්දු වි හමාරය.
ඡායාරූප – theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article