spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඖෂධ මිළත් ඉහළට! මිළ ඉහල දැමිම වහාම ක්‍රියාත්මක බව ඇමති කියයි

Must read

ශ්‍රි ලංකාවේ ඖෂධ මිල තීරණය කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඖෂධ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට බලතල පවරා නොමැති බව රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන මහතා අද ප්‍රකාශ කළ බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ,

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ මිල තීරණය කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) මිල කමිටුව විසින් බවය.මේ අතර NMRA හි විශේෂ මිල කමිටුව ඖෂධ සඳහා සියයට 29 කින් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඖෂධ මිල ඉහළ දැමීම වහාම ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන මහතා පැවසීය

ඖෂධ මිල කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ චන්න ජයසුමන මහතා ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද ප්‍රකාශ කළේය.

රජයේ ගබඩාවල මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත් රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති බවත් ඔහු පැවසීය.
ඇමතිවරයා එසේ පැවසුවද ඇතිවිය හැකි ඖෂධ හිගයට මුහුණ දිම සදහා මේ වන විටත් මුදල් ඇති බොහෝ පිරිස් මාස කිපයකට සරිලන සේ සිය ඖෂධ අවශ්‍යතාවයන් සපුරා ගැනිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article