spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනතුරුදායක ලුණුකඩ හංදිය පිළිසකර කිරීම ප්‍රමාද ඇයි ?

Must read

lunukada-juntion-768x576

( 6.20 am ) මීගමුව කොප්පරා හංදියේ සිට එන පාර ලුනුකඩ හංදියේදී රේල්පාර හරහා යන ස්ථානයේ නිතර අනතුරු සිදුවන තැනක් බවට පත්වී ඇත. මීගමුව කච්චේරිය අසල ඇති මෙම ස්ථානයේ රේල් ගේට්ටුවට යොදා ඇති ලී ආවරන දෙක සමහර වෙලාවලදී කැඩෙන අතර මගීන්ද තුවාල ලබයි. අපි නොයෙක් අවස්ථාවලදී මේ පිළිබදව වගකිවයුත්තන් සමග මේ ගැන සාකච්ඡා කළෙමු.

මෙම ස්ථානය පිළිසකර කිරීම උදෙසා වගකිවයුතු අය අතරින් අප අවසානයට යොමුවූයේ මාර්ගසංවර්ධන අධිකාරිය වෙතය. මන්ද දුම්රිය ස්ථානාධිපති ඔහුගේ අනුමැතිය මාර්ග සංවර්ධන අධිකාරියට දී ඇති හෙයින් ඉතිරි කටයුතු තිබෙන්නේ ඔවුන් අත බව දුම්රිය ස්ථානාධිපති අපට දැනුම්දී බොහෝ කල්ය. මේගැන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවශ්‍ය සියළු ලිපි ලේඛණ කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයට යැවූබව ඔවුන් ප්‍රකාශ කලෙන් ඒ පිළිබදව ප්‍රධාන මධ්‍යස්ථානයේ නියේජ්‍ය අධ්‍යක්ෂක වරයාගෙන් විමසූවිට ඔහු ප්‍රකාශකළේ එවැන්නක් නොලැබුනු බවයි.

විවිධ අවවස්ථාවල විවිධ දේවල් පවසා ප්‍රශ්ණය මගහැරීමට උත්සාහ නොකර මෙම කටයුත්ත ඉක්මනින් ඉටුකරගැනීමට කටයුතුකරන මෙන් අපි සියළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලමු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article