spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙටල් මිළ ඉහලට – ධීවරයන්ට- සමෘද්ධිලාභීන්ට භූමිතෙල් සහනය තවදුරටත්

Must read

ඉන්ධන මිලෙහි ප්‍රතිශෝධනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රු. 137ක්, පෙට්ට්‍රල්  ඔක්ටේන් 95 රු. 148, ඔටෝ ඩීසල් රු. 109ක්, සුපර් ඩීසල් රු.119ක් සහ භූමි තෙල් රු. 101 දක්වා මෙම නව ඉන්ධන ප්‍රතිශෝධනය සිදු කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භූමිතෙල් පැවති සහන මිලට සැපයීමට තීරණය  කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උපුටාගැනීම – News.lk


th (1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article