spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනතුරු බහුල දළුපත හංදියේ අනතුරු දායක වලක් ?

Must read

IMG-20200310-WA0017IMG-20200310-WA0013

මීගමුව , දළුපත හන්දියේ සිදුවූ මාරක රිය අනතුරු නිසා එය මෙම ප්‍රදේශවාසීන්ට බරපතල ප්‍රශ්ණයක් ලෙස එය පැවති ආකාරය අපි අත්දැක්කෙමු .

කඩතොළුවී ගිය වලවල් නිසා සිදුවූ මාරාන්තික අනතුරු පිළිබඳව අපි පසුගිය කාලය තුළ අත්දැක්කෙමු .නමුත් ඒවා කෙතෙක් සිදුවූවද ඒගැන යම් විසඳුමක් ලබාදීමට වගකිවයුත්තන් සමත්වී නොමැත .
මීගමුව නගරයේ අනතුරු දායක ස්ථාන පිළිබඳව මීගමුව පොලීසියේ රථවාහන අංශයේ දක්වා ඇති ප්‍රධාන ස්ථානයක් ලෙස දළුපත හංදිය සටහන් වී ඇත . එවන් තත්වයක් තුළ මෙහි කානුවක් විවෘතව තිබීමෙන් එය අනතුරකට විවෘතව තැබුවා හා සමාන බව කිව හැක.
මෙම ස්ථානයේ ඇති මෙම විවෘත කානුව ලඟට එනතුරු නොපෙනෙන තත්වයක පවතී. මීගමුව නගරයේ කඩතොළු තැන් සහ වලවල් නිසා මරණයට පත්වූ සිදුවීම් කිහිපයක් ගැන අප අසා ඇත.
ඒ නිසා දළුපත මෙම වලද නොවිසඳෙන ප්‍රශ්ණයක් ලෙස තබානොගෙන කොන්ක්‍රීට් ලෑල්ලක් දමා වසා දමන ලෙස අප අවධාරණය කර කියා සිටින්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article