අපට කොහෙන්ද පුසෝ මේ දවස්වල සාලයෝ සූඩයෝ…..

0
102

අපට කොහෙන්ද පුසෝ මේ දවස්වල සාලයෝ සූඩයෝ…..

දැන් කාලෙක ඉදන් ලෙල්ලම් වල විතරක් නෙමේ මිගමු වැල්ලෙත් පොඩි මාළුන්ගේ ලොකු හිගයක් තියෙනව.

ඉදල හිටලවත් ලෙල්ලමට සාලයෝ ටිකක් ආවොත් ඒකත් ලොකු මිලකට තමයි අලෙවි වුනේ.කිලෝවක් රු 600 ට උඩින් තමයි තිබුනේ.

මිගමු වැල්ලෙත් හාල්මැස්සෝ තිබුනට පහුගිය ටිකේම සාලයෝ සුඩයෝ තිබුනේ නැ.අදත් මුහුද සැරයි .ඒ හින්ද මිගමුවේ බෝට්ටු ගොඩක් මුහුදු ගිහින් නැ.

මේ හින්ද ලොකුම අර්බුදයකට මුහුණ දීල තිබුනේ ගෙවල් වල හුරතලේට බල්ලෝ පුසෝ හදන අය.

අනික මාළු කන්න පුරුදු වෙලා ඉන්න සත්තුන්ට වෙන මොනව වත් දිල හරියන්නේ නැ⁣නේ.මිනිසුන්ට නම් මාළු නැත්නම් කොච්චර විකල්ප තියෙනවද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here