spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“අපේ සිංදු පාටිය ” නැවතත්!

Must read

20884981_10155370337326014_1272600138_n

2017 අගෝ :26 වෙනිදා රාත්‍රී 7.00 ට කැපුන්ගොඩ බෙතානී උත්සව ශාලාවේදී අපේ සිංදු පාටිය පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම්ය. සාම්ප්‍රදායික සංගීත සංදර්ශනයක හෝ මිතුරු සාදයකින් ඔබ්බට යන පරිද්දෙන් සංවිධානය කර මෙහෙයවන “අපේ සිංදු පාටිය ” සැබවින්ම අතීතයේ සුන්දර මිතුදම් සංගීතය සහ ගීත ගායනය ඔස්සේ යලි ගොඩනැගීමට දරන වෑයමකි. මෙදිනට පැරණි මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් එකතුවෙනු ඇත. එකට ගීත ගයමින්, නටමින් කා බී සතුටුවන ඔවූහූ මිතුදම් යලි නොබිඳෙන ලෙස ගොඩනගා ගන්නවා ඇත. අපේ සිංදු පාටියට ඇතුළුවීමට ප්‍රවේශ පත්‍රයක් ලෙස සංවිධායකයන් විසින් සකස් කර ඇති ගීත 100කට ආසන්නවු ගීත පොතක් මිලට ගතයුතුව ඇත. මෙයින් එකතුවන මුදල් අපේ සිංදු පාටියේ වියදම් පියවා ගැනීමට වැයකරන අතර මේ වෙනුවෙන් ලැබෙන විශේෂ ආධාර මෙය සංවිධානය කරන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සමාජ සුබසාධන කටයුතුවලට යොදනු ඇත.

අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article