spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ පොළ බදුකරු ටෙන්ඩර් කොන්දේසි කඩයි !කොමසාරිස්ලා නිහඩයි !

Must read

Sugath Kumara Commisionerකොචිචිකඩේ පොලබදුකරු පැහැදිලි ලෙසම පොළ ටෙන්ඩර්යට අදාලව ඇති ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් හිතුවක්කාර ලෙසින් කටයුතු කරමින් සිටින්නේ යැයි මේ දිනවල බරපතල චෝදනාවක් එල්ලව පවති.
පසුගිය දෙසැම්බර් මාසයේදි පොල ටෙන්ඩර් කිරිමේදි පැවැති ප්‍රධාන කොන්දේසිය වි තිබුනේ එය ඉරිදා පොල භුමියේදිම බදාදා දිනයේදිද පොල පැවැත්විය යුතු බවය.
තතු එසේ වුවද එකි ටෙන්ඩර් කොන්දේසියට එකග වෙමින් පොල බදු ටෙන්ඩරය ලබාගත් අදාල පුද්ගලයා එදා පටන්ම ප්‍රධානතම ටෙන්ඩර් කොන්දේසියම කඩකරමින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භුමියේ පොල පවත්වාගෙන ගොස් තිබුණි.
මෙසේ ටෙන්ඩර් කොන්දේසි කඩකිරිම පිළිබදව කොමසාරිස් පාලනයද මුනිවත රකින ලදි.
එහෙත් පසුගිය දිනවල දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ භුමිය තමන්ගේ අවශ්‍යතාවන් සදහා නිදහස් කරදෙන ලෙස ඉල්ලා සිටිමෙන් පසු දැනට දින 6 පෙර මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් අදාල පොලබදුකරුට ලියුමක් යවමින් දන්වා තිබුනේ දුම්රිය දෙපාර්තමේන්තු භුමියේ පොල පැවැත්විම වහාම නතර කරන ලෙසය.
එහෙත් මේ පොළබදුකරු ඊයේ බදාදා දිනයේත් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමේම පොළ පවත්වා ඇත.
වාර්ථා වන අන්දමට මේ පොළබදු හිටපු නියෝජ්‍ය නගාරාධිපතිගේ හිතවතෙකි.
නාගරික කොමසාරිස්ද නිහඩ ඒ නිසා යැයි  යන්න දැන් ප්‍රසිද්ධ රහසකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article