spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘කොච්චිකඩේ නව වෙළද සංකීර්ණයක් ඉදිවෙන්නේ 2018 දී ‘ – රොයිස් විජිත (ප.ම)

Must read

DSCF3127nwකොච්චිකඩේ වෙළදපොළ සංකීර්ණය අබලන් වී  පාරිභෝගිකයන්ට හා වෙළෙදුන්ට ගැවසීමට නුසුදුසු ස්ථානයක් ලෙසට පත්වී දැන් බොහෝ කලක් ගතවීය. මීගමුව නගර සභාව විසින් මෙම වෙළද සංකීර්ණය ඇතුළත කහ ඉටිකොල තීරු යොදා තහනම් කලාප ලකුණු කර ඇති අතර කඩාවැනේනට සූදානමින් ඇති කණු වලට මුක්කු සිටවා තිඛේ. මෙම වෙළද සංකීර්ණයේ වෙළෙදුන්ගේ  ඉල්ලීමක් පරිදි පළාත් සභා මන්ත්‍රී , මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා මේ වසරේ මැයි 23 වනදා එහි විමර්ශන චාරිකාවක යෙදුණි.
එහිදී ඔහු පැවසූවේ මෙම වෙළද සංකීර්ණය   ප්‍රතිසංස්කරණය කිරීමෙන් පලක් නොවන අතර මෙය අලුතින්ම ඉදිකිරීමට අවශ්‍ය බවයි. එමෙනද්ම ඒ සදහා අවශ්‍ය පියවර ඉතා කඩිනමින් ගන්නා බවටද එම අවස්ථාවේදී සහතික විය. ඔහු විසින් එදින සිදුකල පොරොන්දුව පිළිබදව මීපුර වෙබ් අඩවිය විසින් පළාත් සභා මන්ත්‍ර රොයිස් විජිත මහතාගෙන් නැවත විමසීමක් සිදුකරන ලදී. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් ප්‍රනාන්දු මහතා විසින් මේ වසරේ මුදල් ප්‍රතිපාදන
අවසන් බැවින් 2018 වසරේ ප්‍රතිපාදන වලින් මෙම කොච්චිකඩේ වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන බවට පොරොන්දු වූ බවයි. ඒ අනුව මෙම වෙළද සංකීර්ණය අලුතින්ම ඉදිකෙරෙන බවත් ඒ සදහා සුදුසු සැලැස්මක් නිර්මාණය කිරීමට
මීගමුව නගර සභාව ට යෝජනා කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.නව වෙළද සංකීර්ණයක් සදහා ලැබෙන්නට ඉඩ ඇති ප්‍රතිපාදන සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් එම කාර්්‍යය මීගමුව නගර සභාව මගින් ඉටුකරනු ඇතැයිද
මේ සම්බන්ධයෙන් මිගමුව නාගරික කොමසාරිස්වරයාටද දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article