spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අම්බලම්මුල්ල මීතොටමුල්ලක් වෙයිද?

Must read

 

DSC_0069(11.30 am )පසුගිය 27දා  පැවති සීදුව නගරසභාවේ මහ සභා රැස්වීමේදී මෙම බලප්‍රදේශයේ කසල බැහැර කරන කසලාංගණය වූ අම්බලම්මුල්ල පිළිබඳව විශේෂ අවධානයක් දෙමින් සාකච්ඡා කරන ලදී.
අක්කර 10 ක පමණ බිම්කඩක් වූ මෙහි අඩි 20ක පමණ කුණු කන්දක් නිර්මාණය වී ඇත.
විශේෂයෙන් ගුවන්තොටුපල , ආයෝජන සංවර්ධන කළාපය ආසන්නයේ ඇති නිසා කසල විශාල වශයෙන් එකතුවේ. ආයෝජන කලාපයේ සේවය කරන සේවකයින් නිතරම අනවශ්‍ය අවස්ථාවල කසල පාරේ දමා යන බව නාගරික මන්ත්‍රීවරු චෝදනා කරති.
එසේම ප්‍රදේශ ගනනාවක කසල එකතුවීමෙන් මේ වනවිට නිතරම කුණු කන්ද විශාල වන අතර එනිසා විශාල වියදමක් දරා තුනී කිරීමට සිදුව ඇත.
ඒනිසාම මෙම කුණු කලපුව අසලටම පැමිණ ඇත. මේ සදහා තාවකාලික විසදුම් වෙනුවට ස්ථිර විසදුමකට යායුතුව ඇතැයි සීදුව නගර සභාවේ මහසභා රැස්වීමේදී සභාපතිතුමා ඇතුළු සියළුම මන්ත්‍රීවරු තීරණය කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article