spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අම්මා ගැන ඇතිවූ හැඟීම මරණයෙන් කෙළවර වූ හැටි ?

Must read

බෝලවත්ත රංගම්මුල්ල ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා සේවිකාවක් දුෂණය කර මරා දැමිම  සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක්ව නොවැම්බර් 05වනදා සවස වෙන්නප්පුව පොලිසිය විසින්  අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
මියගිය මෙම කාන්තාව නිතරම තමන්ගේ මාපියන් හමුවීමට තමන් නැවති සිටින සේවක නිවස්නය වෙත පැමිණෙන බවත් ඉකුත් 30 දා රාත්‍රි එහි පැමිණ රාත්‍රි 10 ට පමණ ඇයව නැවත ඇය පදිංචිව සිටින උළු කර්මාන්තශාලාවේ සේවක නිවස්නය වෙත ඇරලවීමට යන අතරතුර ඇය පිළිබඳව හැඟිමක් ඇති වි ස්පර්ශ කිරිමට යාමේදි ඇයගේ විරුද්ධත්වය නිසා බලහත්කාරයෙන් ඇයව දුෂණය කල බවත් ඇය කෑ ගැසිමට උත්සාහා කිරිම නිසා කට වසා හුස්ම හිර කිරිමේන් මෙම ඝාතනය සිදු කල බවට සැකකරු පාපොච්චාරණය කල බව පොලිසිය කීය.
මෙලෙස ඝාතනය කර තිබුණේ සෙවුනි සෙංගම්මා නැමති 52 හැවිරිදි කාන්තාවකි. වසර 20 ක පමණ කාලයක සිට සැකකරු එම උළු කර්මාන්තශාලා සේවක නිවස්වල පදිංචිව සිට ඇති බව පොලිසිය කීය.
මෙම මළ සිරුර පිළිබඳව උළු කර්මාන්තශාලා හිමියාට පළමුවෙන් දැනුම් දි ඇත්තේද සැකකරු විසින් බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
හලාවත පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි ජයතිලක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් පරික්ෂක සමන් දසනායක පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදුසිංහ උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල කොස්තාපල් 21935 බන්දුල 35867 බණ්ඩාර 60568 සනීර යන නිළධාරින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාව මියගොස් සිටි ආකාරය  14907143_1348090978566965_1075444586553565335_n
සැකකරු මළ සිරුර හමු වු ස්ථානයේ මියගිය කාන්තාවගේ දියණියට සිදුවිම විස්තර කරන ආකාරය994752_1352861371423259_6278532296179852727_n
චන්දන ප්‍රනාන්දු/chandana7520@gmail.com
14079683_1264503233592407_8946807995688471510_n

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article