spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයවැයට විවාදයකින් තොරවම විපක්ෂයේ අත් ඉස්සෙයි !තෑග්ගට මෙවරත් සුපිරි සවාරියක් !

Must read

UNP mp sමෙවර අයවැය විශේෂ මහසභාව යනු මිගමුව ඉතිහාසයේ පැවැති නරකම අයවැය රැස්විම යැයි අප වෙත කියා සිටියේ මිගමුවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකි.
අයවැය යනු ලබන වසර සදහා මිගමුවට අදාලව ඉදිරිපත් කෙරෙන වැඩපිළිවෙලයි. ඒ වෙනුවෙන් විවාද කිරිම යනු කළ යුතු නොකළ යුතු ප්‍රමුඛතා දිය යුතු දැ ගැන සංවාදය කිරිමය.
එහෙත් මෙවර සිදුව තිබුනේ නගරාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරිමෙන් පසු කිසිවෙකුත් කිසිවක් නොකියා සිටිම නිසා එය නිකන්ම සම්මත වු තත්වයක් මතුවිය.
ඉන් අනතුරුව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරයා සිය මතය අයවැය රැස්විම යන ආකාරය ගැන ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එකිෙනකා අදහස් ඉදිරිපත් කරන්නට විය.
ජවිපේ සිය පක්ෂයේ විරෝධය අවසන් වශයෙන් කියා සිටියේය.ඒ බෙදිමක් ඇතිකරමින් ඡන්දයකට යා යුතු බව කියමිනි.
එවිට කල් ඇතිව සිය මන්ත්‍රි මණ්ඩලය කැදවා ගතයුතු තින්දුව වත් සාකච්ජා කිරිමට රැස්විමක් කැදවා නොතිබුණ මිගමුව ආසන සංවිධායකවරයා සැබැවින්ම මිගමුව තුල අද එජාප වැඩිඇති තැන ගැන කණගාටු විය යුතුය.
මේ පසුබිම තුල එජාපය අපුරුවට අත්ඔසවා අයවැය අනුමත කළේය.
සැබැවින්ම ඇතැම් එජාප මන්ත්‍රිලා ඒ අත ඔසවා තිබුනේ කැමැත්තෙන් නොවේ. එහෙත් ඇතැමෙක් ඉහලටහ අතඔසවා මහත් ප්‍රිතියෙන් යුතුව අයවැය අනුමත කර තිබෙන අයුරුද ඡායාරුප වල සටහන්ව තිබේ.
ඒවන් අය කාවින්දගේ ඔඩොක්කුවේ සිටින සුවච කිකරු ගෝලයන්ය.
දැන් මේ සවච කිකරු ගෝලයන්ට නගරාධිපතිගෙන් මෙවරත් සුපිරි සාවාරිය අයවැයට අතඉස්සිම නිසා ලැබි ඇත.
ඒ තෙදින සවාරියක්.
කලින් සවාරියේ රහ දන්නා ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලා දෙසැම්බර් 16 වෙනිදා එනතෙක් ඇගිලි ගණිමින් සිටින බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article