spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවේ ගැටුම් උග්‍ර අතට – රෙජිනෝල්ඩ් කුරේටත් ප්‍රහාරයක් !

Must read

පොහොට්ටු පක්ෂයේ සමාජිකයෙකු වන උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පානදුර ප්‍රදේශයේදී පොහොට්ටු පක්ෂයේ පිරිසක් විසින් පහරදී තිබේ.

රෙජිනෝල්ඩ් කුරේ මහතා මහජන හමුවකට සහභාගී වෙමින් සිටියදී ඔහුට විරුද්ධව පිරිසක් පානදුර තල්පිටිය ප්‍රදේශයේදී ඔහුට එරෙහිව විරෝධ තාවයක් සංවිධානය කර තිබී ඇත. හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකවරයෙකුද වන ජගත් අංගගේ මහතා විසින් රෙජිනෝල්ඩ් කුරේ මහතාට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබී ඇත.

ඔවුන් හිටපු ආණ්ඩුකාර වරයා පැමිණෙමින් සිටි මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කරමින් විරෝධතාවයේ යෙදී ඇති අතර ගැටුම ඇතිව තිබෙන්නේ එම විරෝධතාවය හේතුවෙනි.

පොලිසිය මැදිහත්වී දෙපිරිසම විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මේ දිනවල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ලබාගැනීමේ අරමුණෙන් පොහොට්ටු පක්ෂයේ සංවිධායකන් එකිනෙකා අතර දැඩි ප්‍රතිවිරෝධයක් හට ගෙන ඇති අතර බොහෝ තැන්වල මේ වනවිටත් බිම් මට්ටමින් ඒ ඒ සංවිධායකයන්ට එරෙහිව මෙවැනි සංවිධානාත්මක විරෝධයන් එල්ලකිරීමට පටන් ගෙන ඇත.

ඒ සඳහා පෙර පැවති ආණ්ඩුවලින් ඒ ඒ සංවිධායකයන් වරප්‍රසාද වරදාන ලබාගනිමින් සිදු කළ ජනතා ද්‍රෝහී කටයුතු පිළිබඳ තොරතුරුද කරලියට පැමිණෙමින් තිබෙන අතර එවැනි වංචා දූෂණ අදී තොරතුරුවලින් එකිනෙකාට චොදනා එල්ලකරගැනීමද සිදුවෙමින් තිබේ.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article