spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසනීප වූ ලාංකික සේවකයා පෞද්ගලික ගුවන් යානයකින් මෙරටට එවූ සෞදි හාම්පුතා

Must read

whatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු

ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආපසු එවීමට පියවර ගෙන් ඇත. ඒ පෞද්ගලික ජෙට් යානාවක් මගින් වීම විශේෂත්වයකි.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට ඇත.

එහිදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන් ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහුව යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදුකොට තිබේ.

ඒ අනුව ගල්ෆ් වෙස්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරමින් අසනිපවී සිටින ශ්‍රී ලාංකික සේවකයා යළි මව්රට බලා එවීමට අවශ්‍ය පියවර ගත්තේ පෞද්ගලික ජෙට් යානයක ආධාරයෙනි. එම ගමන සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද ඇතුලත් වීම විශේෂත්වයකි.

ඒ අනුව ඇන්ඩෘ රොහාන් නම් මෙම ශ්‍රී ලාංකිකයා රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බව වෛද්‍යවරුන් පවසති.

ඇන්ඩෘ රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘ ගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කර ඇත.

(නෙත් නිව්ස්)

Privet Jet 4Privet Jet 3

Privet Jet 2

Privet Jet 1
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article