spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසරණ සේවකයන් බිල්ලට දී ,මීගමුව නාගරික කොමසාරිස් දිවුලපිටියට පස් අදියි ?

Must read

සුගත් කුමාරමීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයට අයත් LL7040 අංක දරන ලොකු එල්ෆ් රථයෙන් දිවුලපිටියට පෝර පස් ඇදිමේ බරපතල නීති විරෝධි කටයුත්තකට මීගමුව නාගරික කොමාසරිස් සුගත් කුමාර මහතා සම්බන්ධ බව  මේ වන විට සාධක සහිතව ඔප්පු වි ඇත.
ඊයේ දිනයේ (2017/02/02 )සවස් වරුවේ මෙසේ එල්ෆ් රථය පිරෙන සේ පස් පටවාගෙන දිවුලපිටියේ ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි වඩාත් විශ්වාසදායක ලෙසින් අප වෙත වාර්ථා වි තිබේ.
මීට පෙරද අප විසින් හෙළිදරව් කර තිබුනේ දිවුලපිටියේ ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මීගමුවේ උසස් රාජ්‍ය නිළධාරියෙකුගේ නිවසක් සදහා අවැසි බඩු ප්‍රවාහනයට මෙන්ම එහි ඉදිකිරිම් කටයුතු සදහාද නගර සභා සේවකයන් සහ උපකරණ භාවිතා කරමින් සිටින බවය.
දැන් මේ සිදුව ඇත්තේ තවත් බරපතල නීති විරෝධි කටයුත්තකි.
පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් ඉදිරිපත්වු ජනතා නියෝජිතයෙකුට එරෙහිව රාජ්‍ය සේවකයන්ට නිගාදෙන්නට එපා යැයි කියමින්  ගම්පහ දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිළධාරින් පාරට බැස්සේ මීට දින කිපයකට කලිනි.
තතු එසේව තිබියදි මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා බරපතල වැරදි රැසක් සිදුකර තිබේ.
නගරසභා දේපල ඉතාපැහැදිලි ලෙසින් අභාවිතා කරන්නට ඉතා පැහැදිලිය අනුබල සි තිබේ
.නගර සභා බල සිමාවෙන් පිටතට ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ 2 කක් පසුකරමින් නගරසභා වාහනයක් පුද්ගලික කටයුත්තක් සදහා යොදවා තිබේ.
අනික කරුණ නම් පස් සුළු ප්‍රමාණයක් හැර විශාල ප්‍රමාණයක් ගෙනයාම සදහා ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතිය ලබාගතයුතුවේ .ඒ කිසිවක් නැතිව අහිංසක රියදුරන්ගේද රැකියාවන් බිල්ලට දෙමින් රාජ්‍ය සේවයට පැහැදිලි ලෙසම අවමන් කරමින් හිතුවක්කාර පාලනයක නියැලි සිටි.
මෙම වාහනයෙන් ගෙනගොස් ඇති පස් ප්‍රමාණය කියුබ් 3 කටත් වැඩිබව අපගේ අරංචි මාර්ග සනාථ කර සිටි.
මෙසේ දිවුලපිටියට ගිය වාහනය නැවත මීගමුව මහනගර සභාව වෙත පැමිණ ඇත්තේ සවස 6 ත් පසුවි බවද කියැවේ.
මේ බරපතල රාජ්‍ය දේපල අවභාවිතයට අවසර දුන්නේ කව්ද?
මීපුර  වෙබ් අඩවිය කිසිවිටත් අතේරෝල් ලියන්නේ නැති බව දැන ගැනිමට අවැසි නම් අපි මේ පුවත ඕනෑම තැනකදි ඔප්පු කිරිමට සුදානම් බව අද කියා සිටින්නේ යහපාලන රජය විසින් මේ රටේ ජනතාවට තොරතුරු ලබාගැනිමේ අයිතිය ලබාදුන් දවස අද බවද මෙහි ලා සටහන් කරමිනි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article