spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආගමික සහජීවනය අරමුණු කරගත් වෛද්‍ය සායනයක් !

Must read

IMG-20191207-WA0011IMG-20191207-WA0013IMG-20191207-WA0004සියළු ආගම් අතර පවතින සියළු භේද ඉවතලා සමගිය ගොඩනැගීම අරමුණු කරගත් වැඩ සටහන් ගනනාවක් පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ ස්ථාන ගනනාවකදී පවත්වන ලදී . අද දින එසේ පවත්වන ලද්දේ වෛද්‍ය සායනයකි . මීගමුව , පෙරියමුල්ල , සෝන්ඩර්ස් පෙදෙසේ පැවැත්වූ මෙම වෛද්‍ය සායනය නබිනායක මුහම්මද් ( සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ උපන්දිනය (මිලාදුන් නබි) නිමිති කොටගෙන පවත්වන ලද්දකි .IMG-20191207-WA0014IMG-20191207-WA0007IMG-20191207-WA0009IMG-20191207-WA0008
මෙම වැඩ සටහන මෙහෙයවන ලද්දේ කොළඹ සෙත්සරණ කරිටාස් ආයතනයේ මෙහෙයවීමෙනි.
මීගමුව මහජන සෞඛ්‍යය කාර්‍යයාලය, සිංහ රෝහල් රසායනාගාරය සහ මීගමුව රෝහලේ සහ පෙරියමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරු 6 ක් සහභාගි විය .
එසේම ආගමික නායකයින් , කරිටාස් අායතනයේ මහත්වරුන් සහ අන්තර් ආගමික සහජීවන කමිටුවේ සාමාජිකයින් ද මේ සඳහා සහභාගිවිය .
අධි රුධිර පීඩනය
*ECG පරීක්ෂණය.
* පියයුරු පිළිකා පරීක්ෂණය.
*රුධිර සීනි පරීක්ෂණය.
මෙහිදී ලබාගත හැකි සේවාවන් ලෙස තිබින .
මිනිස්සු අසනීප වන්නේ ජාති, කුල මල ,ආගම් පදනම් කරගෙන නොව, පවතින සමාජ ආර්ථික තත්වයන් මත නිර්මාණය වන සෞඛ්‍ය ප්‍රශ්ණ කාටත් එකසේ බලපාන බව සත්‍යකි . කෙසේ නමුත් නොමිලේ කෙරෙන මෙවැනි වැඩසටහන් ප්‍රදේශයේ දුප්පත් සිංහල , දමිළ , මුස්ලිම් සියළු ජනතාවට ඉතා ප්‍රයොජනවත්ය. එබැවින් අපි මෙම වැඩසටහන සංවිධානය කළ සෙත්සරණ කරිටාස් ආයතනය ඇතුළු සියළු දෙනාටම ස්තුතිය පුදකර සිටිමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article